ඊයේ (2) ස්ථාන දෙකකදි නීති විරෝධී ලෙස නිදන් හැරීමේ  තටයුතු වල යෙදුණ කන්ඩායම් දෙකක් ස්තාන දෙකකදී පොලිසියට හසුව ඇත.
එක් පිරිසක් ඊයේ සවස 2.15ට පමණ
පුජාපිටිය පොලිස් වසමේ කොටින්කඩුව ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිට හසුව ඇත. පුද්ගලයින් 07 දෙනෙකු පුජාපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් කැණීම් කිරීම සඳහා උපයෝගි කරගන්නා ලද කැණීම් උපකරණද සමග අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත්
සැකකරුවන් අවුරුදු 22,28,38,42,47,51 හා 52 යන වයස් වල පසුවන පුජාපිටිය, ගනේමුල්ල,ජා ඇල හා කදාන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. සැකකරුවන් 2018.12.03 වන අද දින ගලගෙදර ෙමහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පුජාපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

තවත් සැකකරුවන් 02 දෙනෙකු බඩල්කුඹුරේදී අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ  දහවල් 2.30ට පමණ බඩල්කුඹුර පොලිස් වසමේ මඩුගහපටිය මිගහමඩ මාර්ගයේ පිහිටි පුද්ගලික ඉඩමක පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් 02 දෙනෙකු බඩකුඹුර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් කැණීම් කිරීම සඳහා උපයෝගී කරගත් දේපල හා යතුරුපැදි 04ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28 හා 30 යන වයස්වල පසුවන හුලංදාව හා මොණරාගල. ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. මෙම වැටලීම සිදු කරන අවස්ථාවේ එම ස්ථානයේ කැනීම් කරමින් සිටි සැකකරුවන් කීප දෙනෙකු පලා ගොස් ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් 2018.12.03 වන අද දින මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට බඩල්කුඹුර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.