චීනයෙන් ආනයනය කළ පණුවන් සහිත බව තහවුරු කළ ටින්මාළු තොගය වරින්වර වෙළඳපොළට නිකුත් කරන බව වාර්තා වේ.

චීනයෙන් ආනයනය කළ
ටින්මාළු කන්ටේනනර් 108 ක් තත්වයෙන් බාල බව හා පනුවන් සිටින බව තහවුරු වීමෙන් පසුව වරාය පරිශ්‍රයෙන් මුදාහැරිම ප්‍රතික්ෂේප කර තිබිණි.

එහෙත් එම ටින්මාළු තොගය කොටස් වශයෙන් විටින්විට පිටකොටුව තොග වෙළෙඳසල්වලට ලැබෙන බවද ටින්මාළු ආනයනකරුවෝ සඳහන් කරති.

ඉකුත් පෙබරවාරි මාසයේ නිෂ්පාදිත දිනය සඳහන් කළ එම තොගය පැරැණි මිල ගණන්වලටම පිටකොටුව තොග වෙළෙඳසල් මගින් රටපුරා බෙඳාහැරෙමින් තිබුන බවද ඔවුහු කියති.

මෙවැනි ගුණාත්මක තත්වයෙන් බාල ටින්මාළු පරිභෝජනයෙන් ජනතාවට  සෞඛ්‍ය ගැටලු මතුවිය හැකි බවද එම ටින්මාළු
තොගය තහනම් කළ අවස්ථාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කර තිබිණි.

-රංජන් කස්තුරි-