https://www.gossiplankanews.com/2018/11/un-sec-calls-maithri.html

ක්සත් ජාතීන්ගේ සංවිධානයේ වත්මන් මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් ඊයේ සවස ජනපති මෛත්‍රිපාල වෙත දුරකථන ඇමතුමක් ලබාදී ලංකාවේ ඇතිව තිබෙන දේශපාලන අර්බුදය
සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇත.
මෙම අවස්ථාවේ මහලේකම් වරයා විමසා ඇත්තේ ලංකාවේ අගමැතිවරුන් දෙදෙනෙකු තමතමන් අගමැති වශයෙන්

නම් කරගෙන කටයුතු කිරීම සුබදායි නොවන බවයි. මෙම ගැටලුව ඉදිරි රාජ්‍යතාන්ත්‍රිත කටයුතු සඳහා ගැටලුවක් බව පෙන්වාදී ඇති ඔහු හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව තුළ ඡන්ද විමසීමක් පවත්වා මෙම ගැටලුව නිරාකරණය කරන ලෙස උපදෙස් දී ඇත.

මෙවන් දුරකථන සාකච්ඡාවක් සිදුවූ බව එජා සංවිධානයේ නිල නිවේදන දැක්වෙන අන්තර්ජාල සංස්කරණයේද වාර්තා කර තිබෙන අතර  සාකච්ඡාවේදී  ඉක්මණින් පාර්ලිමේන්තුව කැඳවා විසඳුමක් ලබාදෙන්නට උපදෙසක් ලබාදුන් බව අල්ජසීරා ඇතුළු විදෙස් මාධ්‍යද වාර්තා කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ…
“මහලේකම්වරයා නොවැම්බර් 1 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ දුරකතන සංවාදයක නියැළුණා.තමන් ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලනය තත්ත්වය සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින බවත් ඇති ව තිබෙන අර්බුදය සියලු පාර්ශව හා පක්ෂ සමඟ සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට සහයෝගය දීමට සූදානම් බවත් මහලේකම්වරයා ජනාධිපතිවරයාට දැනුම් දුන්නා. සාමය, ආරක්ෂාව සහ නීතියේ ආධිපත්‍යයට ගෞරව කිරීම සුරක්ෂිත කිරීමේ රජයේ වගකීමක් බවත් මහලේකම්වරයා එහිදි පෙන්වා දුන්නා.
“පාර්ලිමේන්තුව කැඳවා පාර්ලිමේන්තු ක්‍රියාදාමය අනුගමනය කරමින් කඩිනමින් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පවත්වන්නැයි මහලේකම්වරයා එම දුරකතන සංවාදයේදී ජනාධිපතිවරයාට අවධාරණය කළා. ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවලට අනුව මානව හිමිකම්, යුක්තිය සහ සංහිඳියාව සම්බන්ධයෙන් දුන් පොරොන්දු හා එම බැඳීම් හා වගකීම් ඉටු කිරීම සම්බන්ධයෙන් අවධානය කළ යුතු බව ද මහලේකම්වරයා එහිදි ජනාධිපතිවරයාට කියා සිටියා”.

කෙසේ වෙතත් ජනපති මෛත්‍රිපාලට අයත් නිල ට්විටර් ගිණුමේ දැක්වෙන්නේ වෙනස් කතාවකි.
එහි මෙලෙස දැක්වේ
'ඊයේ සවස එජා මහලේකම්වරයා සමග සාර්ථක සාකච්ඡාවක් මම පැවැත්වීමි.එහිදී අලුතින් පත්කළ අගමැතිවරයා ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුකූලව පත් කළ බව මම ඔහුට දන්වා සිටියෙමි'
යනුවෙනි.