https://www.gossiplankanews.com/2018/11/supreme-court-2nd-day.html
නපතිවරයා විසින් පසුගිය 9 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පුද්ගලයින් හා පක්ෂ රැසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ(12) සහ අද (13) පෙත්සම් රැසක්  ගොනු කර තිබුූ අතර අද සවස 5 ට එයට විසඳුම් ලබාදීමට නියම වී තිබුනි.ඒ අනුව රැස්වූ
අගවිනිසුරු නලීන් පෙරේරා,

ප්‍රසන්න ජයවර්ධන සහ ප්‍රියන්ත ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම මගින් පැහැදිලි කර තිබූ ආකාරයට ජනපතිවරයා ලබාගත් තීන්දුවට අතුරු තහනම් නියෝගයක් පනවන ලදි.
ඒ අනුව පාර්ලිමේන්තුව විසුරවීම හා මහමැතිවරණයද අත්හිටුවනු ලැබ තිබේ.
මෙම තහනම් නියෝග ලබන දෙසැම්බර් මස 7 වැනිදා දක්වා බලපැවැත්වෙන අතර පෙත්සම් විභාගය දෙසැම්බර් මස 4,5 සහ 6 යන දිනවල පවත්වන බවද අධිකරණය තීන්දු කළේය.සියලු පෙත්සම්  සලකා බලා ඉදිරි පියවර ගැන දැනුවත් කරනු ඇත.
මේ ආකාර තීන්දුවක් ලංකා ඉතිහාසයේ ලබාදුන් පළමු අවස්තාව මෙයවේ.
ශ්‍රේෂ්ඨාධිකරණය  අද (13) අතුරු තහනම් නියෝගය අනුව
පාර්ලිමේන්තුව විසුරුවීම නවතා නැවත පාර්ලිමේන්තුව කැඳවීමට අවස්තාව හිමිවන අතර ගැසට්ටුව ප්‍රකාර මැතිවරණයද නවතා ඇත.
පර්ලිමේන්තුව යලි රැස් කිරීමට හැකියාවද ඇති අතර එම තනතුරු බලපැවැත්වේ.
හෙට 14 පාර්ලිමේන්තුව රැස්වේද යන්න තවම පහැදිලි කර නැත.
පාර්ලිමේන්තුව යලි රැස්වන දිනයේ මහින්ද රාජපක්ෂට සිය දේශපාලන බහුතරය උරගෑමේ අහිමිවූ අවස්ථාව යලි උදාවනු ඇත.
 ---------------------------
පෙර වාර්තා
----------------------------
4.00 pm update
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ගොනුකළ පෙත්සම්වලට අදාළ නියෝගය පස්වරු 5.00ට ලබාදීමට නියමිතය.

2.05 pm update
 ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන පාර්ලිමේන්තු විසුරුවීම සම්බන්ධ කාරණාවට අදාළ දෙවන දිනයේ ඉතිරි පෙත්සම් 5 විභාග කිරීම මීට ටික වේලාවකට පෙර දහවල් 2 ටආරම්භ කරන ලදි. අද දිනයේ ජනපති තීරණයට පක්ෂ පෙත්සම් 5 ක් ලැබී තිබුණ අතර ඒවා ඉදිරිපත් කර තිබූ අය අතර මහාචාර්ය ජී එල් පීරිස් , වාසුදේව නානායක්කාර හා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයද විය.
මේවා විමර්ශනය කිරීමෙන් පසු අගවිනිසුරුවරයා විසින් අවසන් තින්දුව ලබාදෙනු ඇත.

1.30 pm update
පසුගියදා පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන ලබාදුන් තීන්දුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව දක්වමින්  මෙන්ම නිවැරදි තීන්දුවක් බව දක්වමින් පෙත්සම් 18 ක් විභාග කිරීමේ කටයුතු දෙවන දිනයටත් ශ්‍රෙෂ්ඨාධිකරණයේදී අද (13) සිදුවේ.
අග විනිසුරු නලින් පෙරේරා,විනිසුරු  ප්‍රියන්ත ජයවර්ධන සහ
විනිසුරු ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම කාරණාව විභාගයට ලක්වන අතර අගවිනිසුරු නලින් පෙරේරා විසින් අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
මෙහිදී ජනපතිවරයා

වෙනුවෙන් මෙන්ම රට කරවන නීතියේ නිවැරදිතාවය වෙනුවෙන් පෙනීසිටින්නේ  නීතිපති ජයන්ත ජයසූරියයි.
ඔහු මින් ඉහත අගමැති ලෙස මහින්ද රාජපක්ෂ තෝරාපත් කරගැනීම ගැන කතානායක කළ විමසීමකදීද නිහඩ පිලිවෙතක් අනුගමනය කළ අතර මෙම විභාගයට පිවිස ඊයේ 12 තමන්ට තවත් කල් අවශ්‍ය යයි මග හැරියේය.
කෙසේ වෙතත් ඔහු අද 13 තම තීරණය පිළිබඳ දැනුුම් දුන්නේ ජනපතිවරයාට පක්ෂපාති ලෙසයි.

 19 වැනි සංශෝධනයේ 33 වගන්තියට පරිබාහිරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා විශේෂ බලයක් ජනාධිපතිවරයාට හිමි  බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා සඳහන් කළේය.ඒ අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර ඇති බව දන්වා සිටියේය.
නීතිපතිවරයා තම කරුණු දැක්වීම අතරතුර වැඩිදුරටත් කියා සිටියේ මෙවැනි කාරණාවක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැති බවයි. එසේම ඔහු කියා සිටියේ මෙම කරුණ විභාග කර යම් හෙයකින් අතුරු තහනමක් නිකුත් කළොත් එය ජනතා ස්වාධිපත්‍යයට බරපතල හානියක් බවයි.