අද(25) විදෙස් මාධ්‍ය ඉදිරියේ වර්තමාන දේශපාලන අර්බුදය ගැන අදහස් දක්වමින් ජනපති මෛත්‍රිපාල
සිරිසේන තම ජීවිතේ ඇතිතුරු රනිල් අගමැති නොකරමි යයි කළ ප්‍රකාශයත් 2015 සිට මේ දක්වා රනිල් ආණ්ඩුව යටතේ දූෂණ සොයන්නට කොමිසමක් පත්කරන බව කළ ප්‍රකාශයත් සම්බන්ධයෙන් ප්‍රංශ පුවත් සේවය ඇමතූ හිටපු නි.ඇමති හර්ෂ ද සිල්වා අදහස් පළ කර තිබේ.

"ජනාධිපති වරයාට තමාගේ පුද්ගලික පොල් වත්තක් තිබේ නම් ඒ සඳහා ඕනෑම සුපිරින්ටෙන්ඩන් කෙනෙක් තෝරාගත හැකියි  ඒකෙ ගැටලුවක් නෑ. ඒත් මේ කියන්නේ රටේ අගමැති ධූරයක් පතිකිරීමක්. පාර්ලිමේන්තුව තුළ විශාලතම තනි පක්ෂයේ නායකයා ඔහු.  2015 මහමැතිවරණයේදී ලංකාවෙන් වැඩිම මනාප ගත්තෙත් ඔහු. ජනාධිපතිට අකමැති වුවත් ඔහු ප්‍රජාතන්ත්‍රවාදයට හිස නමන්නෙකු නම් මේ ඇත්ත පිළිගත යුතුයි.
2015 සිට පැවති රජයේ දූෂණ තිබෙනවා නම් ඒ ගැන හොයන එක ඉතා අගය කළ යුතුයි.  නමුත් රාජපක්ෂ යටතේ යටපත් වී ඇති දූෂණ හා වංචා පිළිබඳව දැනට පවත්නා විමර්ශන අවුල් කරන්න බැහැ. පොලිස් නිලධාරීන් මාරු කරන්න බෑ. ඒකත් අවධාරණය කළ යුතුයි.'