https://www.gossiplankanews.com/2018/11/parliament-protest.html#more

3.40 update
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත් රජයටත් විරුද්ධව සම්මත වූ විශ්වාසභංගය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට යොමුකරන බවත්
ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කිරීමත් නව කැබිනට් මණ්ඩලය රැස්කිරීමත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කළ යුතු බවත් විපක්ෂය සඳහන් කළේය.
ජනපතිවරයා මේ ගැන අද සවස තීන්දුවක් ගනු ඇතැයි පැවසේ.
 2.40 update
මේ වනවිට පාර්ලිමේන්තුවෙන් පිරිස නික්ම ගොස් ඇති අතර පිරිසිඳු කිරීමේ කටයුතු සේවකයින් සිදු කරනු ලබයි.
අද පාර්ලිමේන්තුවේ සිදුවූ ප්‍රහාරයක් හේතුවෙන් එජාප මන්ත්‍රි ගාමිණී ජයවික්‍රම පෙරේරා තුවාල ලබා
ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා ගාමිණී ජයවික්‍රමගේ මිරිස් මිශ්‍රකළ වතුර ඇස් වලට ගැසූ බව පැවසේ.
මේ අතර කුමන හේතුවක් නිසාවත් වත්මන් පාර්ලිමේන්තු සැසිය නතර නොකරන බව ජනපති විශේෂ නිවේදනයකින් පවසා ඇත.
2.22 update
 සවස 2.15 ට පමණ පොලිස් ආරක්ෂාව මැද පාර්ලිමේන්තුවට
කතානායක පැමිණි අතර ඔහුට අසුන් ගන්නට ඉඩ නොදී ඔහුගේ ආසනය රැගෙන යන්නට මහින්ද පිල කටයුතු කළා. සෙන්කෝලය හා කතානායක වටකර විශාල පොලිස් ආරක්ෂාවක් පැවතිණි.

එම අවස්ථාවේ සිටගෙන පොලිසිය සමග පාර්ලිමේන්තුව මෙහෙයවීමට
කතානායක වරයා උත්සාහ කළා.මන්ත්‍රීවරුන් පොලීසිය වෙත විවිධ දෑවලින් පහර දෙමින් සිටිනුද දක්නට ලැබිණි.
විශ්වාස භංග යෝජනාව විවාදයට ගන්නට එම අවස්ථාවේ අවසරය විමසා සම්මත කරගත් අතර පසුව ඡන්ද විමසීමක් කරන්නට හැකියාව නැති බව දක්වා කටහඩ අනුව විශ්වාස භංගය සම්මත කළේය.පසුව නොවැ 19 දින දක්වා සභාව කල් තැබුවේය.
මෙම අවස්ථාවේ විශාල හූ හඩවල් නගමින් මහින්ද පිල උසුළු විසුළු කරන ලදි.
 1.45 update
අද දින 1.30 ට පාර්ලිමේන්තුව නිල වශයෙන් ආරම්භ කිරීමට නොහැකි වී තිබෙනවා.
ඒ එජනිස මන්ත්‍රීවරු ආරම්භ කර ඇති විරෝධතාවක් හේතුවෙන්.

ඔවුන් මේවන විට කතානායක අසුන වට කොට විරෝධතාවයේ නිරතවනවා.
අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කතානායක අසුනේද අසුන් ගෙන තිබෙනවා.
පාලිත තෙවරප්පෙරුම සහ රන්ජන් රාමනායක ඊයේ දිනයේ දී පිහියක් රැගෙන ආ බව

කියන සිද්ධියට විරුද්ධව එජනිස මන්ත්‍රීවරු විරෝධය පළ කිරීමත් සමග පාර්ලිමේන්තුව උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ඔවුන් මේවන විට කතානායක අසුන වට කොට විරෝධතාවයේ නිරතවනවා.
අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කතානායක අසුනේද අසුන් ගෙන ඇති නිසා කථානායකට ඒ වෙත ගමන් කිරීමට හැකිවී නැත.
පාලිත තෙවරප්පෙරුම අත්අඩංගුවට ගන්නා ලෙස ඔවුන් සටන් පාඨ කියමින් සිටිනවා.
එමෙන්ම “බලය දාලා යන්නෙත් නෑ – බැරිනම් අපි එන්නෙත් නෑ” යනුවෙන් ද ඔවුන් කෑකෝ ගසමින් පසුවනවා.
පාර්ලිමේන්තුව නිල වශයෙන් ආරම්භ කිරීමට නොහැකි වී තිබෙනවා.