163 දෙහිවල-බත්තරමුල්ල මාර්ගයේ ධාවනය වන බස් රථයක ඉකුත් 7 වැනිදා සිදුවූ සිද්ධියකි. එදින උදේ 6.15ට පමණ පිටත්වන බස් රථයට රැකියාවට යන මැදිවියේ කාන්තාවක් ගොඩවී ජනේලයක් අයින් අසුන්
ගෙන කල්පනාවකට වැටී සිටියාය. ටික දුරක් යනකොට ඇය අසළිත් පුද්ගලයෙක් වාඩි වූයේය.

බසය කලුබෝවිල රෝහල අසළට පැමිණි විට ඉදිරිපස ආසන සිටියම හිස්වූ නමුත් ඔහු එම ආසනයකට නොගොස් කාන්තාව අසළම වාඩිවී සිටියේය.

මෙම බසය ඉදිරියට ඇදෙත්ම

කාන්තාව කීප වරක්ම හරී බරි ගැසී ඉඳ ගැනීමට තැත් කරන බව පෙනුණි. ඇය දෑත සීරුවෙන් තම උකුළ මත තිඛෙන අත් බෑගය මත තබාගෙන තිඛුණි. ඔහු ටිකෙන් ටික වරින් වර පාම් උරහිස ඇගේ ඇඟට පර්ග වන සේ ඉතා සුක්ෂම අන්දමින් වරින් වර ඇය අපහසුතාවට පත් කරන බව පිටුපස සිටි අයට මැනැවින් පෙනුණි.

කෝට්ටේ පාරට බස් රථය හරවද්දී ඇය ඔහු දෙස රවා බලා නැවත හරි බරි ගැසී වාඩි වීමට තැත් කරන විට ඔහු ''ඇයි මොකදැ''යි ඇයගෙන් ඇසීය.
ඇයද පිළිතුරු වශයෙන් ''ඇඟේ ඇලෙන් නැතිව වාඩි වෙන්න''යි කීවාය. එයට කිපුණු ඔහු බස්වල යන්න බැරිනම් කාර් එකක යන එකනේ" යි කී විට ඇයද කාර් එකක තමයි යන්න වෙන්නේ මේ වගේ නැහැදිච්ච මිනිස්සු බලස්වල යනකොට" යි කීවාය.

ඉන්  කෝපයට පත් ඔහු ඇයට බැණ වැදුණේ කිව නොහැකි තරම් නිදිත වචනවලිනි. ඇය වැඩිදුර කථා නොකර ජනේලයෙන් ඉවත බලාගෙන ගමනේ ඉතිරි කොටස ගියාය. ඔවුන් දෙදෙනාම බත්තරමුල්ල සෙත්සිරීපාය අසළ බසයෙන් බැස ගත් අතර ඔහු ඉදිරියට ගොස් සෙත්සිරිපායට ඇතුල් වුණේ කිසිදු චකිතයකින් තොරවය.

බස් රථයේ එම අවස්ථාවේ අසරණ වූ කන්තාවගේ සහායට බසයේ සිටි කිසිදු පිරීමියකු ඉදිරිපත් වූයේ නැත.

ඇස්. පෙරේරා, බස් මගී කාන්තාවක්.