https://www.gossiplankanews.com/2018/11/maithripala-reply-akila.html#more
හුතරය තිබුණත් රනිල්ට කිසිසේත් අගමැති ධූරය නොදෙන බවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විදෙස් මාධ්‍යවේදීන් හා කළ හමුවකදී  ඊයේ (25) සිදු කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වා තිබෙන . එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් එම තීරණය එජාපය අනුමත නොකරන බව දන්වා ඇත.
ජනපතිවරයාගේ පුද්ගලික උවමනාවට අගමැතිවරුන් මාරු කිරීම සිදුව ඇති බවත්
එම ක්‍රියාවලියම නීතියට අනුමත නොවන හා සදාචාර සම්පන්න එකක් නොවන බවට එජාපයේ සියලු දෙනාම හෙළාදකින බවත් දන්වා ඇති ඔහු ඔක්තෝබර් 26 වැනිදාට පෙර පැවති තත්ත්වය යළි ඇති කිරීම මිස වෙනත් විකල්ප වලට යාමට එජාපයට මේ අවස්ථාවේ උවමනාවක් නැති බව දන්වා ඇත.
මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික

පෙරමුණ සියලූදෙනා සාමූහික එකගතාවකට පැමිණ ඇති බවද ඔහු කියා සිටියේය.

රනිල් වික‍්‍රමසිංහ මහතා අනිවාර්යෙන්ම ඉදිරියේදී අග‍්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමට සිදු වන බවත් අග‍්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් වෙනත් පක්ෂයක උවමනාවට නායකත්වයේ වෙනසක් සිදු නොකරන බව ඔහු දන්වා සිටී. ඉදිරි දිනවලදී ආණ්ඩුවට එරෙහිව ජනබලය ගොඩනැගීම සඳහා විරෝධතා සිදු කරන බවත් ඔහු දන්වා ඇත.

එක්සත් ජාතික පෙරමුණේ විශේෂ  සාකච්ඡාවක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සවසද පවත්වා ඇති අතර පැය දෙකකට ආසන්න කාලයක් අරලියගහ මන්දිරයේ පැවති එම සාකච්ඡාවට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන අනෙක් පක්ෂ නියොර්ජිතයින්ද එක්ව තිබුණ අතර සාමූහික තීන්දු කිහිපයක්ම ලබාගත් බව වාර්තාවේ.

මේ අතර රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා පවසා තිබුනේ ඉදිරියේදී එජාපය සමග ශ්‍රීලනිපය සන්දානයකට එකතුවනු ඇති බවයි. දැනටමත් මෛත්‍රිපාල සිරිසේන සිදු කළ ක්‍රියාවන් හේතුවෙන් ශ්‍රීලනිපය පොහොට්ටුවකට බාරදී ඇති බව පැවසූ ඔහු ඉදිරියේදී ශ්‍රීලනිපය රැකගැනීම වෙනුවෙන් වෙන්ව යන කණ්ඩායම තම කණ්ඩායම සමග එක්ව කටයුතු කරනු ඇති බවයි.