https://www.gossiplankanews.com/2018/11/mahason-amith-namal-kumara.html
ණ්ඩු පෙරලියට හේතුවක් කරගත් ජනපති-ඝෝටා ඝාතන කුමන්ත්‍රණය හෙළි කළ නාමල් කුමාර නමැත්තා තමන් සමග මහසෝන් බලකායේ එකට වැඩකරමින් සිටි අයෙකු බවත් තමන් අත්අඩංගුවට පත්වන්නට හේතුවූ දිගන සිද්ධියේදී ඔහුද සිටි බවත්
පෙරේදා නිදහස ලැබූ මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ හෙළි කර සිටී.
එම සිද්ධියට අදාළව තම නිවසේ සිටි  11 දෙනෙකු අත්අඩංගුවට පත්වීමට නියමිතව සිටියත් අත්අඩංගුවට ගැනුනේ 10 දෙනෙකු බවත් 11 වෙනියා වූයේ නාමල් කුමාර බවත් ඔහු කියයි.

ඔහුව එදා බේරාගත්තේ හිටපු නි.පොලිස්පති නාලක සිල්වා බවත් එම බේරාගැනීමට හේතුවූයේ තමන් ඇතුලු පිරිස පාවාදෙමින් නාමල් කුමාර නාලක සිල්වාට සැපයූ දුරකථන සංවාද කිහිපයක් බවත් හෙළිකරන අමිත් 'දුරකථන සාකච්ඡා පටිගත කර පාවාදීමේ' අපූරු හැකියාවක් සහිත අයෙකු වූ නාමල් කුමාර පසුකාලයක නාලක සිල්වාත් ඒ ආකාරයටම පාවාදුන් බව කියා සිටියේය.

මහනුවර ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිදුවීමට සැකපිට පසුගිය මාර්තු මස 8 වනදා අත්අඩංගුවට පත් මහසෝන් බලකායේ නායක අමිත් වීරසිංහ ඇතුළු පිරිසෙන් ඔහු සමඟ පස් දෙනෙකු ඇප මත මුදා හැරීමෙන් පසු සිය කණ්ඩායම සමග මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමිත් වීරසිංහ මේ හෙලිදරව්ව කළේය.

 දූෂණ විරෝධී බලකාය නමින් සංවිධානයක් පිහිටුවාගත්  නාමල් කුමාර ගේ පැටිකිරිය ගැන අමිත් මෙසේ කියා තිබුණි.

“මාර්තු මාසයේ ඒකාබද්ධ විපක්ෂයේ රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙනාපු දෝෂාභියෝගය ජයගන්න හිතාගෙන මේ අයට අලුත් ක්‍රමයක් හොය හොය ඉන්න වෙලාවක තමා මේ මහනුවර තෙල්දෙනිය සිද්ධිය ටිකට් එකක් ඇදුණා වගේ පහල වුණේ. වැට උඩ හිටපු මුස්ලිම් කොංග්‍රසය තමන්ගේ පැත්තට ඡන්ද දෙන තැනට,
පාර්ලිමේන්තුවේ තමන්ගේ පැත්තට අත උස්සන තැනට පත්කරගත්තා. හිටපු අගමැතිතුමාගේ සහචරයෙක් වන DIG  නාලක සිල්වා නිරපරාදයේ තරුණයා අත්අඩංගුවට අරගෙන ඒ විතරක් නෙවෙයි මාර්තු 08 වෙනිදා රෑ මගේ ගෙදර පත්තරේ ගියේ දහ දෙනෙක් අත්අඩංගුවට කියලා. නෑ එකොළොස් දෙනෙක් අත්අඩංගුවට ගත්තා. 11 වෙනියා තමයි නාමල් කුමාර. මම මගේ කාමරයේ නිදාගෙන ඉද්දී සෝෆා එක උඩ නිදාගෙන හිටියේ, එයා.මතක හැටියට පිට්ටු කාළා තමයි බුදියගත්තේ. එයාව 11 වෙනියට අත්අඩංගුවට අරගෙන මාව වාහනේ දාගෙන ටික දුරක් ගියාට නාමල් කුමාරව DIGනාලක සිල්වා මාංචු ලිහලා එයාව වෙන වාහනේක දාලා යවනවා.

අවසානේදී නාමල් කුමාරට මාව අත්අඩංගුවට අරන් දෙන්න ලක්ෂ 5ක් පූජිත ජයසුන්දර මහත්තයා පොරොන්දු වුණාලු.පූජිත ජයසුන්දර දුන්න ලක්ෂ 05 අරන් තියෙන්නේ DIG නාලක සිල්වා. මේ ලක්ෂ 5 බෙදාගන්න බැරුවත් පොරකාලා.

 පාතාල කල්ලියක් බැංකුවක් කොල්ල කාලා  සල්ලි බෙදා ගන්න බැරි වෙද්දී ගහ මරා ගන්නවා වගේ.
 අන්තිමේදී තමන් එකතු වෙලා කර ගියපු ඝාතන කුමන්ත්රණ මෙන්න අර මනුස්සයා විතරයි මේක කළේ කියලා පාවා දෙන තැනට පත් වුණේ .
නැතුව නාමල් කුමාර කියන්නේ හොඳ පුද්ගලයෙක් නෙමෙයි.”