UPDATE 6.20 pm
පාර්ලිමේන්තුව මෙම මස 5 වැනි දා රැස්වන්නේ නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන. පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.වැඩි විස්තර මෙතැනින්

OLD Report 1pm
ලබන 5 වැනිදා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය පෙරවරු 10.00ට ආරම්භ කරන විට නව අග්‍රාමාත්‍ය මහින්ද
රාජපක්ෂ මහතා

ප්‍රමුඛ නව ඇමැති මණ්ඩලයට මැති සබයේ නියමිත ආසන වෙන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු  ප්‍රකාශ කළේය. නව අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය පත්කිරිම්වලට අදාළව ගැසට් නිවේදන ලැබෙන පිළිවෙළට ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අදාළ ආසන වෙන්කිරීමේ කටයුතු සිදුකරන බවත් එම නිලධාරියා පෙන්වා දෙයි.

පාර්ලිමේන්තූවේ ආසන වෙන් කිරීමේ බලය කථානායක කරු ජයසූරිය මහතා සතු බැවින් ඒ සම්බන්ධයෙන් ක්‍රියාකරන ලෙස ජනපති සමග ඊයේ පැවති හමුවේදී දන්වා තිබූ අතර කථානායකවරයා එය පිලිගෙන ඇති අතර ඒ අනුව මෙම පියවර ගනු ඇතැයි වාර්තාවේ.

ඒ අනුව 5 වනදා රැස්වන්නට නියමිත නව පාර්ලිමේන්තු සැසිවාරයේදී රනිල් වික්‍රමසිංහ අසුන්ගනු ඇත්තේ වෙනදා පුරුදු අසුනේ නොවේ.