https://www.gossiplankanews.com/2018/11/5-parliament-recall.html#more
UPDATE 6.20 pm
පාර්ලිමේන්තුව මෙම මස 5 වැනි දා රැස්වන්නේ නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන. පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.වැඩි විස්තර මෙතැනින්

OLD Report 11.20am
මෙම මස 05 වැනි සඳුදා පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙයි. මේ බව අගමැති මහින්ද රාජපක්ෂ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ පැවති සාකච්ඡාවක් අතරතුර අද දහවල් හෙළි කළේය.
 මහින්ද අගමැති ලෙස
දිවුරුම් දුන් පසු අනපේක්ෂිත ලෙස පාර්ලිමේන්තු සැසිය අවසන් කර ලබන 16 දක්වා නව සැසිවාරය කල්තබා  දින 11 ක කාලයකට පාර්ලිමේන්තුව වසා දමා තිබුනි. පාර්ලිමේන්තුව එපමණ කලක් රැස් නොකර සිටින්නට හේතුව වූයේ මහින්ද රාජපක්ෂගේ පිලට පිරිස් අද්දවා ගැනීමට කාලයක් අවශ්‍ය වු නිසා බවටද දේශපාලන ආරංචි පැතිරිණි.

අගමැතිවරයෙකු පත්කිරීමේ ක්‍රියාවලියේ  ව්‍යවස්ථානුකුල නිරවද්‍යතාව
සහතික කිරීමට පාර්ලිමේන්තු බහුතරය පෙන්වීමට අවශ්‍ය බවට නැගුණ තර්ක හමුවේ නැවත පාර්ලිමේන්තුව රැස්කරන ලෙස විදෙස් බලපෑම් පවා එල්ල විය.

අවසානයේ ජනපති වරයා ඊට එකඟවී ඇත.

මේ අතර 5 වනදා පාර්ලිමේන්තුව කැඳවන අවස්ථාව වනවිට ආණ්ඩු පක්ෂයේ බහුතරය මහින්ද රාජපක්ෂට ලබාගැනීමට හැකි බවත් බහුතරය සූදානම් බවත් විමල් වීරවංශට අයත් වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබේ.