https://www.gossiplankanews.com/2018/11/lohan-champika-parliament-incident.html
යේ පාර්ලිමේන්තු සභාවේ ඇතිවූ කලබලකාරීත්වය මැද පාඨලී චම්පික රණවක හිටපු ඇමතිවරයා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා හමුවීමත් එම අවස්ථාවේ ලොහාන් රත්වත්තේ ඔහුව එළවා දැමීමත් වීඩියෝ රූප රාමු මගින් එළි දුටු විශේෂ සිද්ධියක් විය. මහින්ද රාජපක්ෂ පුත් යෝෂිත විවාහ අපේක්ෂාවෙන් පසුවන යොහානා රත්වත්තේගේ පියා වන ලොහාන්
රත්වත්තේ එසේ හැසිරීම ගැන විවිධ කතාබස්ද අන්තර්ජාලය තුළ පළවිය.
චම්පික මහින්ද හමුවන්නට ගියේ ඇයිද යන්නත් ලොහාන් එසේ එළවූ අවස්ථාවේ කුමක්සිදුවූයේද යන්නත් හිටපු ඇමති චම්පික සිය ෆේස් බුක් පිටුව හරහා පැහැදිලි කර තිබේ. ඒ මෙසේය.

'අද පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්වයක් ඇති වූ

අවස්ථාවේ දී ෆයිසර් මුස්තාපා මැතිතුමා මාගෙන් මෙයට විසඳුමක් නැද්දැයි විමසන ලදී. ඒ අතරතුරම මහින්ද රාජපක්ෂ මැතිතුමා හට මා සමග කතා කතා කිරීමට අවශ්‍යවී තිබෙන බවත් ඔහු විසින් පවසන ලදී.

එම ඉල්ලීමට අනුව මා හා මහින්ද රාජපක්ෂ මැතිතුමා මුණ ගැසුණු අතර, "ඇයි ඇමැතිතුමා මේ වෙලාවේ නිහඬ?" යන්න රාජපක්ෂ මහතාගේ පළමු ප්‍ර‍ශ්ණය විය.

"මේ වෙලාවේ පාර්ලිමේන්තුව යන්නේ අතපයේ හයිය පාවිච්චි කරලා නේ, ඒ නිසා බුද්ධිය තියෙන මිනිස්සු හැටියට අපි නිහඬව ඉන්නවා" යනුවෙන් මා ඔහුට පිළිතුරු දුන්නෙමි.

දැන් මේකට මොකක්ද කරන්නේ, යන්න ඔහුගේ ඊළඟ ප්‍රශ්නය විය. බහුතර බලය තියෙන අයට මේක කරගෙන යන්න දෙන්න යනුවෙන් මා ඔහුට පැවසූ අතර, රනිල් ට මම මේක දීලා යන්න ලෑස්ති නැහැ, මම නීත්‍යානුකූලව පත් වෙලා ඉන්නේ යන්න රාජපක්ෂ මහතාගේ ප්‍රතිචාරය විය.

ඒත් සමගම පාරලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා විසින් මාව තල්ලු කරන ලදී. ඒ අවස්ථාවේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද එම ස්ථානයට පැමිණියේය. "කතා කරන්න ඕනේ කියලා, මෙහෙම තක්කඩි වැඩි කරනවා නම්, මේකද තමුන්ලාගේ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය යනුවෙන් මා ප්‍ර‍ශ්ණ කළෙමි. ඒ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මහතා විසින් සිදුවීම පිළිබද සමාව අයැද සිටි අතර ඒත් සමගම සිදුවීම අවසන් විය.'

- පාඨලී චම්පික රණවක


සිද්ධියට අදාළ වීඩියෝව පහතින්