https://www.gossiplankanews.com/2018/11/second-no-confidense.html#more
සුගිය සති කිහිපය තුළ ඇතිවූ දේශපාලන කඹ ඇදිල්ල දේශපාලකයින්ට මෙන්ම මේවාට කිසිදු සම්බන්ධයක් නැති ජනතාවට මහත් හිසරදයක් විය.  පාලකයෙකුගේ නොනැමෙන තීන්දුව නිසා අධිකරණයත් ව්‍යවස්ථාදායකයත් සෙලවීමට ලක්විය. කෙසේ වෙතත් ඊයේ 15 සන්ධ්‍යාභාගයේ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පෙරමුණ ඇතුළු විහ්වාසභංගය ගෙන ආ පක්ෂ නායකයන්ට මේ සම්බන්ධයෙන් කිසියම් බුරුලක් ඇතිවන විසඳුමක් ගෙන ආ අතර ඔහු කියා සිටියේ විශ්වාසභංගය වෙනස් කර නැවත විධිමත්ව ඉදිරිපත් කරන ලෙසයි.

මේ වනවිට දේශපාලන ආරංචි වාර්තා කරන්නේ

එයද උපායක් බවයි.

එහිදී අද 16 අලුතින් විහ්වාසභංගයක් ඉදිරිපත් කළත් එය අදම අවසන් නොවන එකක් බවට පත්වනු ඇතැයි වාර්තා පළවේ. එය පාර්ලිමේන්තුවේ විවාදයක් ලෙස දින කිහිපයක් විභාග වනු ඇතැයිද පැවසේ.

 විශ්වාස භංගය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ දින යොදා සැලකිය යුතු දින ගණනක් විවාද කිරීමෙන් පසු ඡන්ද විමසීමට මහින්ද පිල යෝජනා කර ඇතැයි වාර්තාවේ.මෙවැනි යෝජනාවක් අද පැවැත්වෙන පක්‍ෂ නායක රැස්වීමට ඉදිරිපත් කිරීමට ඔවුන් තීරණය කර තිබේ.

විශ්වාස භංගය විධිමත් ක්‍රමවේදයට ඉදිරිපත් කිරීමට පෙර ජනාධිපතිවරයා විසින් ඔක්තෝබර් 26 වනදා පත් කරන ලද අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා යළි පිලිගැනීමට කතානායකවරයාට සිදුවේ. (කතානායකවරයා 15 වනදා කළ ප්‍රකාශයකින් එසේ පිළිනොගන්නා බව දන්වා තිබුනි)
එසේ පිළිගැනීමෙන් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුව ලෙස ද පිළිගැනීමට සිදුවන

අතර සභා නායකවරයෙක්, ආණ්ඩුපක්ෂ සංවිධායකවරයෙක් මෙන්ම විපක්ෂනායකවරයෙක් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයෙක් ආදී තනතුරුවලට පුද්ගලයන් පත් කිරීමටද සිදුවනු ඇතැයි වාර්තාවේ.
ඉන් අනතුරුව ස්ථාවර නියෝග අනුව විශ්වාසභංග යෝජනාවක් විපක්ෂයට ඉදිරිපත් කළ හැකි අතර එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය සකස් කිරීමේදී ඊට ඇතුලත් කළ හැක.

විශ්වාස භගය ගැන කටයුතු කිරීමට පක්‍ෂ නායක රැස්වීමේ තීරණයක් ගත යුතු අතර  පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ දින යොදා විවාද කිරීම සඳහා ද සැලකිය යුතු දින ගණනක් ලබාදීමෙන් පසු ඡන්ද විමසීමට ගත හැක.ඒ සඳහා වන ඡන්ද විමසීම මන්ත්‍රීවරුන්ගේ නමින් සිදු කරන්නැයි ද ජනාධිපතිවරයා දන්වා තිබුණි.

පාර්ලිමේන්තුවේ විධිමත් පිළිගත් ක්‍රමවේදය යයි කියමින් ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේද එම ක‍්‍රමයයි. ඒ තුලින් මහින්ද රාජපක්ෂ යටතේ රජයට තවත් කාලයක් ආණ්ඩුව තුළ රැඳී සිටීමට අවස්ථාව උදා කර ඇත.

කෙසේ වෙතත් මහින්ද පිල යෝජනා කරන මෙම ක්‍රමය පාර්ලිමේන්තු පක්ෂ නායක හමුවේදී යළි සාකච්ඡාවට ලක්වනු  ඇති අතර වෙනස්කම් සිදුවීමටද ඉඩ තිබේ.