https://www.gossiplankanews.com/2018/11/jvp-supports-ranil.html

Update 12.15pm
අද පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී මන්ත්‍රී විජිත හේරත් පළ කළ අදහසක් වැරදි ලෙස ප්‍රචාරය වන බව ජනතා විමුක්ති පෙරමුණ  නිවේදනයක් නිකුත් කර තිබේ.
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හෝ නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේදී සහාය නොදක්වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එම පක්ෂය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව පක්ෂය සඳහන් කර තිබේ.

Old News 11.30 am
දේශපාලන අර්බුදය තුළ අලුත් ප්‍රවණතාවක් මතු කරමින් එළැඹෙන ඡන්ද විමසීමකදී ජනතා විමුක්ති පෙරමුණේ  සහය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන  බව
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (02)  පවසා තිබේ.
 කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන  පක්ෂ නායක රැස්වීමකදී මීට සුළු වේලාවකට පෙර  විජිත හේරත් මහතා  මේ බව සඳහන් කර තිබේ.ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ තීරණය හෙළාදකිමින් එය අභියෝගයට ලක්කිරීම තම අරමුණ බව ඒ සමග ඔහු පවසා තිබේ.

විපක්ෂනායක සම්බන්ධන් රාවුෆ් හකීම්, බදුර්දීන් පක්ෂ නායකයින් ඇතුළු මන්ත්‍රීවරු රැසක් අද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට එක්ව තිබෙන අතර මේ වනවිට ලැබෙන තොරතුරු අනුව ටීඑන්ඒ සහායද රනිල්ට හිමිවන තත්වයක් උද්ගතව ඇත.
පාර්ලිමේන්තුවේ මෙතෙක් ස්වාධීන වෙතැයි අපේක්ෂා කළ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු 6 දෙනාගේම සහය රනිල් වික්‍රමසිංහට ලැබෙන වාතාවරණය තුළ රනිල් වික්‍රමසිංහට නිතැතින්ම බහුතරය හිමිවීමේ ලක්ෂණ පහළවී තිබේ.
මේ අතර පාර්ලිමේන්තුව යළි රැස් කරන දිනය 13 නොව 7 විය හැකි බවත් එම දිනයට ජනපති තමා හා එකඟ වූ බවත් කතානායක කරු ජයසූරිය මෙම රැස්වීමේදී ප්‍රකාශ කළේය.කෙසේ වෙතත් නිල වශයෙන් එම දිනය තවම ප්‍රකාශවී නැත.