මේ දිනවල පක්ෂ මාරු කිරීම් සම්බන්ධයෙන් සිදුවන මුදල් ගනුදෙනු සංවාද අතර විශේෂ කාරණාවක් අද පක්ෂ නායක රැස්වීමේදී අනාවරණය වූ බව පාර්ලිමේන්තු
මන්ත්‍රී හර්ෂ ද සිල්වා සිය 

මුහුණු පොතේ සටහන් තබා තිබේ. එයට අනුව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා තමන් අනිකුත් පාර්ශවයට සහාය දක්වනවා නම් ඇමරිකානු ඩොලර් මිලියන 2.8 ක මුදලක් (රුපියල් මිලියන 493 ක් පමණ) ලබාදෙන බව පවසා තිබෙන බවත්  මෙයට එරෙහිව තමන් අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කරන බවත් ඔහු පවසා ඇත.
එම කරුණ හර්ෂ ද සිල්වා අනාවරණය කළේ පහත පරිදිය.