එක්සත් ජාතික පක්ෂයේ නායක, රනිල් වික්‍රමසිංහ මහතාගේ රුධිර පීඩනය පරික්ෂා කිරීමට ඊයේ (01දා) අරලියගහ මන්දිරයට වෛද්‍යවරයෙක් පැමිණියේය.

මෙහිදී

රනිල් වික්‍රමසිංහ මහතාගේ රුධිර පීඩනය පරික්ෂා කිරීමට පෙර ඔහු සමග සිටි හිටපු මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු සහ ලේකම්වරුන්ගේ රුධිර පීඩනය බැලීමටද වෛද්‍යවරයා කටයුතු කළේය. ඒ සියලු දෙනාගේම රුධිර පීඩනය සාමාන්‍ය තත්වයට වඩා මදක් වැඩි වී තිබිණි.
අවසානයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ රුධිර පීඩනය මැන බලන විට ඔහුගේ රුධිර පීඩනය නිවැරදි මට්ටමේ තිබුණි. මෙය වෛදයවරයාට මෙන්ම අවට සිටි බොහෝ දෙනෙකුට පුදුමය ගෙන දෙන්නක් විය.