https://www.gossiplankanews.com/2018/11/habarakada-wasantha-killed.html
සුගිය ජුනි මාසයේ මාතර නගරයේ නිලේකා ජුවෙලරි ස්වර්ණාභරණ අලෙවිසල කොල්ලකා පලාගිය පාතාල සාමාජික හබරකඩ වසන්ත නැමැත්තා තවත් පිරිසක් සමග සිටින බවට පොලිසියට ලද තොරතුරු මත අද 26 රාත්‍රි 9.45ට පමණ කොට්ටාව පොලිස් වසමේ
රුක්මල්ගම පාර අධිවේගී මාර්ගයේ ගුවන් පාලම යටදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් ඔවුන් අත්අඩංගුවට ගැනීමට උත්සාහයක යෙදිණි.
එහිදී සැකකරුවන් විසින් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට වෙඩි තැබීමක් සිදුකර තිබූ අතර එම අවස්ථාවේදී විශේෂ

කාර්ය බලකා නිලධාරීන් විසින් එල්ල කළ ප්‍රතිප්‍රහාරයෙන් සැකකරුවන් දෙදෙනෙකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කිරීමේදී දෙදෙනාම මියගොස් ඇත.
එම සැකකරුවන් පාතාල අපරාධකරුවන් දෙදෙනෙකු වන හබරකඩ වසන්ත සහ මීගොඩ උපුල් යන අය බවට හඳුනාගෙන ඇත. හබරකඩ වසන්ත යන අය මීට මාස කිහිපයකට පෙර මාතර නගරයේ නිලේකා ජුවෙලරි රන් භාණ්ඩ ආයතනය කොල්ලකෑමට පැමිණි ප්‍රධාන සැකකරුය.
සැකකරුවන් සන්තකයේ තිබී මැෂින්ගන් වර්ගයේ තුවක්කුවක් සහ මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක් සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි.
මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසල කොල්ලා කා පලායාමෙන් පසු පසුගිය මාස කිහිපය තිස්සේම හබරකඩ වසන්ත නැමැත්තා අල්ලාගැනීමට පොලිස් ඇස යොමුවී තිබුණි. ඔහු පැහැරගෙන ගොස් තිබු රන් භාණ්ඩ රන් මාල 74 ක් කොල්ලය සිදුවූ කාලයේ හබරකඩ ප‍්‍රදේශයේ ඔහුගේ හිතවතකුගේ නිවස ඉදිරිපිට වළ දමා තිබියදී සොයාගෙන තිබුණි.
අද ඔහු පොලිස් වෙඩි පහරින් මරු දුටුවේය.