ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති වූ හිටපු අගවිනිසුරු හිරානි බන්ඩාරනායක මහත්මියගේ සැමියා වූ  ප්‍රදීප් කාරියවසම් මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් වසර 5ක අත්හිටවූ සිරදඬුවමක් ඊයේ
26 නියමකර තිබේ.
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මුදල් යොදවා අධි ප්‍රමාණ අගයකට ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලදීගැනීම මගින් රජයට අලාභ කිරීම යන චෝදනාව යටතේ වරදකරුවීමෙන් ඔහුට මෙම සිර දඬුවම නියමකර තිබේ.
සිද්ධියට අදාල නඩුව  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කැඳවූ අතර එහිදී වසර 5ක අත්හිටවූ සිරදඬුවමක් නියම කිරීමටත් රුපියල් ලක්ෂ 3ක දඩයක් පනවන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.