කැටන්දොළ ප්‍රදේශයේ කාන්තාවන් සපාකමින් සිටි වඳුරා අල්ලා වනජීවී නිලධාරීන්ට භාර දීමට ප්‍රදේශවාසීන්
ඊයේ (31) කටයුතු කර තිබිණි.

වසර දෙකක් ප්‍රදේශයම භීතියට පත් කරමින් මෙම වඳුරා කාන්තාවන් 27 සපා කෑ බව ප්‍රදේශවාසීහු පවසති.

බලධාරීන් කොතෙක් දැනුවත් කළත් වඳුරා අල්ලා ගැනීමට නොහැකිව විම නිසා ප්‍රදේශයම වඳුරු භීතියට පත්ව තිබී ඇත. බලධාරීන් වඳුරා අල්ලා ගැනීමට උත්සාහ නොකළ නිසා තමන් සංවිධානාත්මකව වඳුරා අල්ලා ගැනීමට කටයුතු කළ   බව ප‍්‍රදේශවාසීහු පැවසූහ.

  -කේ.එන්.චන්දන