https://www.gossiplankanews.com/2018/10/chandimal-speaks.html#more
එංගලන්තය සමග පැවැති තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පසුගියදා පැවති  අවසන් තරගය ලකුණු 219කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වීම පසුගිය පසුබෑම් මත කොන්ව තිබුණ ශ්‍රී ලංකා පිලට නව ප්‍රබෝධයක් අත්කරදුනි.
ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයග්‍රහණය පසුපස
සියලුම ක්‍රීඩකයන් සිටින බවත්, ලෝකයේ අංක එකේ කණ්ඩායමක් හමුවේ ලැබූ මෙම ජයග්‍රහණය ඉතා ප්‍රයෝජනවත් ජයග්‍රහණයක් බවත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පවසයි.
තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ චන්දිමාල් මෙසේ කීය.


මෙම තරගාවලියේ අනෙක් තරගවලට වඩා අපි තුන් ඉරියව්වෙන්ම දක්‍ෂතා දැක්වූ නිසයි අපිට මේ වගේ ජයග්‍රහණයක් ලබාගන්න පුළුවන් වුණේ. අපි ජයගත්තේ ලෝකයේ අංක එකේ කණ්ඩායමට එරෙහිව නිසා ඒක අපේ ඉදිරි ගමනට ලොකු ශක්තියක්. සධීර, දික්වැල්ල හා කුසල් ඔවුන්ගේ යුතුකම් කොටස කණ්ඩායමට කළා. පන්දු යවන්නොත් පන්දු රකින්නාත් අපිට අමතක කරන්න බැහැ. අපිට ඉන්නේ තරුණ කණ්ඩායමක්. ඔවුන් හැමදාම ඉගෙන ගනිමින් ඉදිරියට යනවා. කොහොම වුණත් තරගයකට යන්න කලින් මොනවද අපි කරන්න ඕන කියන කාරණය සම්බන්ධයෙන් අපි හැමදාම සාකච්ඡා කරනවා"

"මීට අවුරුදු දෙකකට විතර කලින් තමයි රිවර්ස් ස්විප් පහර මම අත්හදා බලලා වැඩි දියුණු කරගත්තේ. දග පන්දු යවන්නන්ට ඒ පහර යොදා ගැනීමෙන් ඔවුන්ගේ රිද්මය බිදෙන නිසාත් මේ පහරීන් වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමට පුළුවන් නිසයි මම ඒ පහර වැඩිපුර යොදාගන්න හිතුවේ."

"කුසල් ගැන ලොකු විශ්වාසයක් අපිට තිබුණා. ඔහු පන්දු රැකීමෙනුත් අංක එක වෙග්ම පිතිකරණයෙනුත් ඉහළින්ම සිටින ක්‍රීඩකයෙක්. මේ නිසා අපිට ලොකු විශ්වාසයක් තිබුණ ඔහු යළි ලකුණු අතරට ඒවි කියලා. ඒ විශ්වාසය තියාගෙනයි අපි ඔහුට තව අවස්ථාවක් දුන්නේ"  “වැඩි ක්‍රීඩාලෝලීන් පිරිසක් ඉදිරීයේ සෙල්ලම් කරන්න අපි කැමැතියි. එහෙත් ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් පැමිණියේ නැත්තේ අද නිවාඩු දිනයක් නොවන නිසා වෙන්න ඇති"

සටහන-විචිත්‍ර වීරසිංහ-