කොල්ලුපිටිය පාසල් පටුමගේ පිහිටී ජාත්‍යන්තර ආයතනයක් ඉකුත් 10 වැනිදා කඩා රුපියල් ලක්ෂ 18ක් වටිනා චෙක්පත් 5ක් හා දුරකථන අටක් සොරකම් කර තිබේ. චෙක්පත්වල, වටිනාකම ලක්ෂ 90කි.
සොරකමට මෙම ආයතනයේ සේවයෙන් ඉවත් වූ සේවකයකුද සිටියි. එම පුද්ගලයා තවත් අයකු සමඟ මැලේසියාවට පැනගොස් ඇතැයි පැවැසෙයි. තවත් සැකකරුවකු කොල්ලුපිටිය පොලීසිය මඟින් ඉකුත් 18 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.

වැල්ලවත්ත පදිංචි 25 හැවිරිදි සැකකරු 28 වැනිදා දක්වා

රක්ෂිත බන්ධනාගාර ගතකර ඇතැයි කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශ  ස්ථානාධිපතිවරයා පවසයි. ප්‍රධාන සැකකරු වන 25 හැවිරිදි අය  හා 22 හැවිරිදී වියේ පසුවන අනෙක් සැකකරු සිද්ධියෙන් පසු මැලේසියාවට පැනගොස් ඇතැයි අපරාධ අංශ ස්ථානාධිපති කේ.ඇස්. නිලන්ත මහතා සොරකම් කළ එක් වෙත්පතක වටිනකම රුපියල් ලක්ෂ 18ක් වන අතර චෙක්පත් 05 වටිනාකම රුපියල් ලක්ෂ 90ක් බට කොල්ලුපිටිය පොලිසිය කියයි.

ප්‍රධාන සැකකරු සිය භාර්යාව අතහැර සිටින අතර ඔහු සමඟ මිත්‍ර වී සිටින වෙනත් ගැහැනු ළමයකුට රුපියල් ලක්ෂ 33 මුදලක් භාරදී ඇතැයිද එම මුදල් ඇය ළඟ තිබී සොයාගෙන ඇත. මෙම චෙක්පත් පහ මාරු කරගෙන ඇත්තේ කොල්ලුපිටිය පෞද්ගලීක බැංකුවකින් බවද පොලිසිය පවසීය. කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති ඇස්. නිලන්ත මහතා ප්‍රකාශ කළේ මැලේසියාවට පැනගොස් සිටින ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ගුවන් තොටුපළ පොලිසිය දැනුවත් කර ඇති බවයි.

-චන්දන පෙරේරා-