https://www.gossiplankanews.com/2018/10/cabinet-dissolves.html

යේ 26 දක්වා බලපැවැත්වූ ඇමති මන්ඩලය විසුරුවා හරින ලද බව අද 27 සවස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිල නිවේදනයකින් වාර්තා කර තිබේ.
වැඩබලන රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ
ජනරාල්වරයා ලෙස වැඩබලන

ජනාධිපති අතිරේක ලේකම් නාලක කළුවැව මහතා සිය පළමු නිවේදනය ලෙස මෙම නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව අද 27 සවස හෝ හෙට 28 නව ඇමති මන්ඩලයක් දිවුරුම් දෙනු ඇති බව දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.
 නව ඇමති මණ්ඩලයට 25 ක් හෝ 30ක් ඇතුළත්වන බවත් ඒකාබද්ධ ජ්‍යෙෂ්ඨයින් 15 ඇතුළත් වනු ඇති බවටත් වාර්තා පළ විය. කෙසේ වෙතත් ලබන 16 වනදා මහින්ද පාර්ලිමේන්තු බලය තහවුරු කරගැනීමට අවශ්‍ය නිසා එජාපයෙන් කැඩී එන මන්ත්‍රී වරුන්ට විශේෂ තැනක් දීමට මෙහිදී අපේක්ෂා කරන අතර බොහෝ දුරට දේශපාලන අරමුණු ඉලක්ක කරගත් නව ඇමති මඩුල්ලක් තාවකාලිකව තෝරනු ඇති බවටත් වාර්තා පළවිය.
මෛත්‍රී සමග එකට සිටි අයට තැනක් දීම මෙන්ම ඒකාබද්දයේ සියල්ලන් කෙරෙහි සලකා බැලීම පසුවට තබා ඇති බවද කියැවිණි.
ඒ අනුව රජයේ හා අනුබද්ධ ආයතනවල සියලු තනතුරු ඉදිරියේදී වෙනස්වීමටද නියමිතය.