වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ සහ විදේශ තානාපතිවරුන් අතර හමුවක් අද
(27) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී

පැවැත්වීමට නියමිත බව අරලියගහ මන්දිරයේ ආරංචි හෙලි කරයි.
අැමරිකානු, එක්සත් රාජධානි, යුරෝපා, ඉන්දීය, ජපාන, කැනඩා සහ ඔස්ට්‍රේලියානු රාජ්‍යතාන්ත්‍රිකයන් සමග ඔහු මේ මොහොතේ දී සාකච්ඡා කරයි.
ව්‍යවස්ථා විරෝධී ලෙස ජනාධිපතිවරයා කටයුතු කිරිම සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ජා කිරීමට නියමිතව තිබෙන බව වාර්තා විය.
මේ වනවිට ලංකාවේ සිදුවන දේශපාලන විපර්යාසය සම්බන්ධයෙන් ඇමරිකාව සිය අවදානය යොමු කර ිතබෙන බවත් රටේ ව්‍යවස්තාව අනුකූලව ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ට්විටර් පනිවිඩයකින් දන්වා තිබුණි.