https://www.gossiplankanews.com/2018/10/arjuna-dematagoda-update.html#more
ද සවස ඛණිජ තෙල් සංස්ථාවේ ඇතිවූ‍ වෙඩිතැබීම නිසා තුවාල ලබා රෝහලට ඇතුළත් කර සිටි සේවකයින් තිදෙනාගෙන් එක් අයෙකු මේ වනවිට මරණයට පත්ව ඇති බව වාර්තාවෙයි.
සිද්ධියෙන් පසු
එම ආයතන පරිශ්‍රයේ දැඩි නොසන්සුන් තත්වයක් හටගත් අතර සිද්ධිය නිසා වෙඩි තැබූ ආරක්ෂකයා පමණක් නොව අර්ජුනවද අත්අඩංගුවට ගතයුතු බවත් එසේ නොවේ නම් හෙට වනවිට ඛනිජ තෙල් වර්ජනයකට යන බවත් සේවකයින් තර්ජනය කර තිබේ. මන්ත්‍රී ගාමිණි ලොකුගේ ඇතුළු ආධාර කරුවන්ද මෙම අවස්ථාවේ එම ස්ථානයට පැමිණ තිබේ.
අර්ජුන රණතුංගට වටකර පහරදුන් මෙම ගැටුමට අදාල තවත් තොරතුරු මේ වනවිට ලැබෙමින් පවතී.
සිය අමාත්‍ය ධූරය අහිමිවීමෙන් පසු ඇතුළත තිබෙන තමන් සතු අවශ්‍ය ලිපිලේඛන ඉවත්කරගෙන යාමට අමාත්‍යංශ පරිශ්‍රයට සවස 4 ට පමණ ආරක්ෂකයින් සමග ඇතුළුවූ හිටපු ඇමති අර්ජුනට බාධා කරන්නට ආ පිරිස්

සමග ඔහු බහින්බස්වීමක් ඇති කරගැනීමෙන් පසු මෙම ගැටුම ඇරඹී ඇත.

සේවකයින් අර්ජුනට එලියට යන්නට නොදී ඔවුන්ගේ අඩස්සියේ තබාගෙන ඇත.
එම අවස්ථාවේ සේවකයින් සමග අර්ජුනද පොර බදා තිබෙන අතර සේවකයින් එක්ව අර්ජුනට පරුෂ වචනයෙන් බැණවදිමින් ඔහු ඇඳ පැමිණ සිටි සරම ගලවා කමිසය පිටින් ඔහුව එළවා දමා ලජ්ජාවට පත් කරන්නට උත්සාහ කර ඇත.
ඔහු එම අවස්ථාවේ සිට ඇත්තේ යට ඇඳුම හා කමිසය සමගය. සේවකයින් හූ තබා තිබේ. ඔහුගේ ආරක්ෂකයින් බාධාකාරී සේවකයින්ට එරෙහිව ගිනි අවි පාවිච්චි කර ඇත්තේ ඉන් අනතුරුවයි.

කෙසේ වෙතත් සේවකයින්ට තුවාල ලද පසුවත් අර්ජුනට එලියට යන්නට දී නැත.
කෙසේ වෙතත් කමිසය පිටින් සිටි අර්ජුනට පසුව පැමිනි විශේෂ කාර්ය බලකාය ඔවුනට අයත් කලිසමක් අර්ජුනට අන්දවා විළි වසා ආරක්ෂාව සපයා ඇත.
මේ වනවිට පුද්ගලයෙකු මරණයට පත්ව ඇති නිසා අර්ජුනව අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ පවතී.

සිද්ධියට අදාළ පෙර වාර්තාව
හිටපු ඇමති අර්ජුනගේ ආරක්ෂකයා කළ වෙඩි තැබීමකින් තිදෙනෙකුට තුවාල