https://www.gossiplankanews.com/2018/10/arjuna-dematagoda-crisis.html#more
සිකුරාදා සිදුවූ බල පෙරලියෙන් පසු හිටපු ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග  දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මුලස්ථානයට ඇමති ධූරය අහිමිවීමෙන් පසු ලිපි ලේඛන රැගෙන ඒමට අද 28 සවස 3.50 ට පමණ ගිය අවස්ථාවේ ඔහුට බාධාකාරී ලෙස හැසිරුණ පිරිසක්
සමග ගැටුමක් ඇතිව තිබේ.
කාර්යාලයට පැමිණ හිටපු අමාත්‍යවරයාට එළියට ඒමට නොහැකි ආකාරයට සේවකයන් කටයුතු කර ඇති බව පැවසේ.මෙම අවස්තාවේ හිටපු ඇමතිවරයාගේ ආරක්ෂකයෙකු සිදුකළ වෙඩි තැබීමකින් සංස්ථා සේවකයින් තිදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර  ඇති බව පොලිසිය පවසයි.
එක් පුද්ගලයකුගේ හිසටත්‍, තවත් පුද්ගලයකුගේ

පපුවටත් වෙඩි වැදී  ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. ‍ඔවුන් දෙදෙනා ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිතය.
හිටපු ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග  එහි සිටි  පිරිස සමඟ ඇති වු බහින් බස් වීම දුරදිග ගොස් එම අවස්ථාවේදී   මෙය සිදු වී ඇතැයි පොලීසිය පවසයි.‍
 මේ  මොහොත වන විට   පොලීසිය, කැරලි මර්දන ඒකකය   සහ පොලිස් විශේෂ කාර්ය බලකාය  යොදා  අවට ආරක්ෂාව තර කර  තිබේ.
ගුවන් පාලම අසලින් මාර්ගය වසා දමා  ඇති අතර රැස්ව සිටින පිරිස් අතර දැඩි උණුසුම් තත්ත්වයක් මේ වන විට ඇති වී  ඇත.
මෙම කලබලය අවස්තාවේ වෙඩි වැදුණ සේවකයෙකු රෝහලට ගෙනයන දර්ශන සමාජ මාධ්‍ය වෙත නිකුත්ව ඇත.
 වෙඩි තැබීම සිදු කළ නිලධාරියා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
අදාළ වීඩියෝ පහතින්