https://www.gossiplankanews.com/2018/10/alocius-wife-and-daughter.html
මේ වනවිට මාස 8 ක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරයේ පසුවන අර්ජුන් ඇලෝසියස්ට ඇප ලබාගැනීම වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ ඔහුගේ නීතීඥයින් අර්ජුන් ඇලෝසියස්ගේ බිරිඳ හා වැඩිමහල් දියණිය දැඩි මානසික පීඩනයට ලක්ව සිටීම
සුවිශේෂී කරුණක් ලෙස සලකා ඔහුට ඇප නියම කරන්නැයි (25දා) අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වසා දැමීමට ඇති උවමනාවෙන් මේ විමර්ශනය සිදු කරන බවත්, මේ විමර්ශන 2025 වසර තෙක්ම කරගෙන යෑමට ඉඩ ඇති බවත් කී ඇලෝසියස් වෙනුවෙන් පෙනී සිටි

ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා මෙය සිය සේවාදායකයා සම්බන්දයෙන් අසාධාරණයක් බව කියා සිටියේය.
ඇලෝසියස්ගේ බිරිය දරුවෙකු ප්‍රසූත කිරීමට සූදානම් වන අවස්ථාවේ ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවට කැඳවීම හේතුවෙන් ඇති වූ දැඩි මානසික පීඩනය හේතුවෙන් 2017 වසරේ සිට දෙවතාවක් දරුගැබ් විනාශවූ බවත් පසුව ඇලෝසියස්ගේ බිරිඳ දෙවැනි දරුවා ප්‍රසූත කිරීමෙන් පසුව දැඩි මානසික පීඩනයකින් පෙළෙන බවත්, වසර හතරක් වයසැති පළමු දරුවා මිලියනයකින් එක් අයෙකුට පමණක් වැලඳෙන මානසික රෝගී තත්වයකින් පෙළෙන බවට සිංගප්පුරු රෝහලක වෛද්‍ය වාර්තා මගින් සනාථවූ බවද කරුණු ඉදිරිපත් කරමින් අධිකරණයට දැනුම් දුන්නේය.
කෙසේ වෙතත් මෙදින අදිකරනයේදී ඔහුට ඇප ලැබුනේ නැත.
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය තවදුරටත් ලබන 08 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමටද මහේස්ත්‍රාත්වරිය නියම කළාය.