ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ පාලන ගොඩනැගිල්ල අත්පත් කරගෙන විරෝධයක යෙදී සිටි සිසුහු 15 දෙනා අත්අඩංගුවට පොලීසිය විසින් ඊයේ (25) අත්අඩංගුවට ගනු ලැබූහ.

තාක්ෂණ පීඨයේ සිසුන් හතරදෙනකුගේ ශිෂ්‍යාභාවය අහෝසි කිරීම සහ සිසුන් 21 දෙනකුගේ පන්ති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා මෙම සිසුන් පරිපාලන ගොඩනැගිල්ලේ දවස් 11 රැදි සිටි අතර මේ හේතුව නිසා එහි පරිපාලන කටයුතු මුළුමනින්ම අඩාළ
විය.
විශ්වවිද්‍යාලයේ

අනධ්‍යයන කාර්යය මණ්ඩලයේ පිරිසක් ඊයේ පෙරවරුවේ තමන්ට පහරදීමට සූදානම් වූ බව සිසුහු පවසති. මෙම ස්ථානමය ගැටුම් සහගත තත්ත්වයක් නිර්මාණයළවෙමින් තිබූ අතර පසුව අක්කරපත්තුව පොලිසියේ නිලධාරින් ඊයේ පෙරවරුවේ විශ්වවිද්‍යාලයට පැමිණ එය සමථයකට පත් කරනු ලැබිය.
අක්කරපත්තුව අධිකරණයන් උසාවි නියෝගයක් ගත් අක්කරපත්තුව පොලිසියේ නිලධාරින් විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය සමග සාකච්ඡාවක් දෙන බව පවසමින් පාලන
ගොඩනැහිල් දොරටුව ඇරගෙන ගොඩනැගිල්ලට පැමිණ සිසුන් 15 දෙනා අත්අඩංගුවට ගෙන ඇත.මෙම සිසුන් පිරිස අක්කරපත්තුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කරයි.

(අම්පාර වසන්ත චන්ද්‍රපාල)