https://www.gossiplankanews.com/2018/10/Rupavahini-night-incident.html#more
යේ සන්ධ්‍යා කාලයේ ජනපති මන්දිරයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දිමත් සමගම ඡාතික රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේ දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති විය. මේ හේතුවෙන්  රූපවාහිනියේ විකාශන කටයුතුද
ඊයේ 10.30 වනවිට අවසන් කර තිබුණි.
මහින්ද රාඡපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමත් සමඟම මංගල සමරවීර. රාජිත සේනාරත්න, රංජිත් මද්දුම බණ්ඩාර හා චතුර ස්නාරත්න යන එක්සත් ඡාතික පක්ෂ ඇමතිවරුන් කණ්ඩායම තවත් පිරිසක්ද සමඟ ජාතික රූපවාහිනී පරිශ්‍රයට පැමිණ එහි රැදී සිටි බව පැවසිනි.
ඔවුනගේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළු විශාල පිරිසක් ද රූපවාහිනී සංස්ථාව ඉදිරිපිට රැකවල්ලා සිටියහ.

මේ අතර ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ඉන්දික අනුරුද්ධ, සනත් නිශාන්න. ප්‍රසන්න රණවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක්ද රූපවාහිනි පරිශ්‍රයට පැමිණ තිබී ඇති අතර ඔවුනගේ ආධාර කරුවන් දැන් බලය තිබෙන්නේ තමා අත බව දක්වමින් ආරක්ෂාව සහිතව සිටි එජාප ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන්ට විවිධ අසභ්‍ය වදන්වලින් බැණ වදිමින් එළවා දැමිය යුතු බවට තර්ජනය කර තිබුණි.


මෙහිදී වාහනයෙන් එලියට බැස සිටි කෙනෙකු වූයේ මන්ත්‍රී චතුර සේනාරත්නයි. ඔහුටද කුණුහරුපයෙන් බැණ වදිමින් වාහනය වෙත එලවා දමන්නට ඉන්දික අනුරුද්ධ, සනත් නිශාන්න. ප්‍රසන්න රණවීර යන අයගේ ආධාර කරුවන් කටයුතු කර තිබේ.  එම අවස්ථාවේ ආධාර කරුවන්ගේ හූ හඩවල්ද කෝපය මුසු කුණුහරුපද
ආයතන පරිශ්‍රය පුරා රැව් පිලිරැව් දුනි.

කෙසේ වෙතත් විරෝධය හමුවේ එකට එක කිරීමකට නොගිය එජාප කණ්ඩායම රූපවාහිනිය සංස්ථා පරිශ්‍රයෙන් සාමකාමීව ඉවත්ව ගියහ. ඔවුන් ඉවත්ව ගිය පසු රූපවාහිනී සංස්ථා ගොඩනැගිල්ලට ඇතුළු වූ ඒකාබද්ධ විපක්‍ෂයේ කණ්ඩායම පිවිසුම් දොරටුවේ සවිකර තිබූ රනිල් අගමැතිවරයාගේ ඡායාරූපය ගලවා ඉවත් කිරීමට පියවර ගත් බවත් වාර්තා විය.

ඇතිවූ කලබලකාරී වාතාවරණය තුළ ආයතනයේ සියලු රාත්‍රී සේවාමුර සේවකයින්ද අවුල් සහගතව රාජකාරියේ නිරතවෙමින් සිටි අතර බලධාරීන් ඉක්මණින්ම විකාශන කටයුතු අවසන් කරන්නට නියෝග දී තිබුණි.
මහින්දගේ දිවුරුම් දීම වාර්තාවූ අවස්ථාවේ සිටම ජාතික රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනිය මහින්දගේ ගුණවයමින් පැරණි දර්ශනද එකතු කරමින් වැඩසටහන් ප්‍රචාරය කර තිබුණි.
 -------------------

මේ අතර ඊයේ රාත්‍රී ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති අංශයට පැමිණි පිරිසක් එහි සේවය කරමින් සිටි එජාප හිතවාදී පිරිස්වලට බැණවැදී ඔවුන් එම ස්ථානයෙන් එළවා දැමූ පුවතක්ද වාර්තා විය.
මහින්ද දිවුරුම් දුන් අවස්ථාවේ සිට ස්වාධීන රූපවාහිනීය නීතීඥයෙකු මැදිරියට ගෙන්වාගෙන මෛත්‍රී ඉතාම නිවැරදි තීරණයක් ගත් බව හා රනිල්ට යන්නට වුනේ ඇයි යන්න හෙළි කරමින් සංවාද වැඩසටහනක්ද ගෙන එන ලදි.
පහත පළවන්නේ රූපවාහිනියට පැමිණි චතුර සේනාරත්නට ඒකාබද්ධ පිරිස කුණුහරුප කියා එලවාගත් අයුරුය.