ඩග්ලස් දේවානන්දා මන්ත්‍රීවරයා නායකත්වය දරන EPDP පක්ෂයේ ආසන 3 ක සහය  මහින්ද රාජපක්ෂ වෙතත්

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට

අදාළ ආසන 7 ක සහයෝගය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට පළ කරන බව පවසා තිබේ.එමෙන්ම දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ද රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට සහය පළ කරන බව පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් නියෝජනය කරන එම පක්ෂයට හිමි පාර්ලිමේන්තු ආසන ගණන 06කි.
සුළු පක්‍ෂ නියෝජිතයන් සහ මහින්ද රාජපක්‍ෂ අතර විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙයි.
පාර්ලිමේන්තුවේ බලය තහවුරු කරගැනීම සඳහා සුළු ජාතික පක්ෂ නියෝජිතයින් මේ මොහොතේදී තීරණාත්මකව බලපානු ඇති බව වාර්තා වෙයි.