https://www.gossiplankanews.com/2018/10/16-nov-parliament.html
යේ මහින්ද රාජපක්ෂ අගමැති ලෙස දිවුරුම්දීම ව්‍යවස්ථානුකූලව නිවැරදි නොවන බව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාද කියා සිටි අතර ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුව ඉක්මනින් රැස්කර තම බලය පෙන්වීමට
සූදානම් බවයි.
ඒ අනුව කථානායකවරයාට පාර්ලිමේන්තුව රැස්කරන ලෙස රනිල් උපදෙස් දුන්නේය.
මේ අවස්තාවේ උපායශීලි ලෙස කටයුතු කර තිබෙන ජනපති මෛත්‍රිපාල සිරිසේන ආණ්ඩු මාරුව ව්‍යවස්ථාවට අනුකූල ලෙස සිදුකරන ලෙස කරන බලපෑම් හමුවේ පාර්ලිමේන්තුවේ බහුතරය සාදා ගැනිම සදහා

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කර තිබේ.

නව සැසිය ඇරඹීම ලබන 16 දක්වා කල්දැමිමට අදාළ ගැසට් නිවේදනයද මේ වනවිට නිකුත් කර තිබේ.
ජනාධිපතිවරයා මේ ලෙස කටයුතු කර ඇත්තේ රටට බලපාන අයවැය කතාව ලබන 5 වනදිනට යොදාගෙන තිබුන පසුබිමකය.
ඒකාබද්ධ විපක්ෂ ආරංචි පවසන්නේ මෙම සති 3 කට ආසන්න කාලය තුළ මහින්දට හිමි බහුතරය සකසා ගැනීමට බැසිල් ඇතුලු පිරිස මෙහෙයුමක් දියත් කර තිබෙන බවයි.
ඒ අනුව නව සැසිවාරයේදී අගමැති ධූරය ව්‍යවස්ථාවට අනුකූල ලෙස මහින්ද විසින් පවරාගන්නට උත්සාහ කරනු ඇත.
කෙසේ වෙතත් මේ සංක්‍රාන්ති කාලය තුළ රට දේශපාලන වශයෙන් අවිනිශ්චිත තත්වයකට පත්වනු ඇති අතර අමාත්‍යංශ කටයුතුද පැහැදිලිව සිදු නොවනු ඇත.