https://www.gossiplankanews.com/2018/10/1000-indonesia-earthquake.html#more
පෙරේදා උදෑසන ඉන්දුනීසියාවේ සුලවේසි දූපත් ආශ්‍රිතව සිදුවූ 7.5 බිහිසුණු භූමි කම්පාව හා සුනාමි තත්වය නිසා මියගොස් මළ සිරුරු හමුවූ පිරිස 832 ක් බවත් තුවාල ලත් පිරිස 540 ක් බවත්
සංඛ්‍යාලේඛන දක්වා ඇත. අතුරුදන් පිරිස තවම ගණනය කර ඇත්තේ 29 ක් වන නමුත් තවම තොරතුරු හරියාකාරව නොලැබෙන නිසා එම පිරිස සිය ගණනක් වනු ඇතැයි වාර්තා පළවේ. ඒ අනුව 1000 කට වැඩි ජීවිත මෙම අනතුරින් අහිමිව ඇති බවට විශ්වාස කෙරේ.

සැප් 28 වනදා ඉන්දුනීසියාවේ වේලාවෙන් සවස 3 ට පමණ පූර්ව කම්පන තත්ව ඇතිවී සවස 6.02 ට මෙම භූමි කාම්පාව වාර්තා විය. එම අවස්ථාවේ එරට කාර්යාල නිමවා පිරිස් නිවෙස් කරා ඇදී යන මාර්ග තදබදය පැවති වේලාවක් වූ බැවින් කම්පන තත්වය මත විශාල පිරිසකට පළායාමේ අවස්ථා අහිමිව ගිය බව වාර්තා කර තිබේ.

සුනාමි තත්වය අනතුරු ඇඟවීමේ එස්එම්එස් පණිවිඩ රජය නිකුත් කර තිබූ නමුත් පැවති තදබදය නිසා එයින් විශාල ප්‍රයෝජනයක් සිද්ධ වූයේ නැත.

වාර්තාවන ආකාරයට වැඩි හානි සිදුවූයේ සුනාමියට නොව භූමි කම්පනය නිසාය. පලුහි සුලවේසි අගනුවර, මුස්ලිම් පල්ලිය  සහ ඇන්තපුර රෝහලේ ප්‍රධාන කොටසක් කඩා වැටී ඇත. නගරයේ පැරණිතම සාප්පු මධ්‍යස්ථානයක් වන ටාටුරා කෝල්ට් කඩා වැටුණු අතර දුසිම් ගනනක් ජනයා උගුලට හසු වූයේ යයි මාධ්‍ය වාර්තා පළව තිබේ. රෝආ රෝආ නමැති තට්ටු 8 ක හෝටලයක්ද කඩා වැටී ඇත්තේ එහි සිටි ජනතාවද සමගිනි.
බොහෝ හෝටල් අමුත්තන් මේ නිසා තුවාල ලබා හෝ මියගිය අතර ඉන් කිහිප දෙනෙක් පලුහි වාර්ෂික පැරගිලිය මංගල්‍ය උත්සවය සඳහා සහභාගි වන්නට ආ අයයි. භූමිකම්පාව සිදුවූ අවස්ථාවේ හෝටලයේ කාමර 80 කින් 76 ක් පිරී තිබුණ බවට වාර්තා හමුව තිබේ.
නගරයේ අල්-ජුෆ්රි ගුවන්

තොටුපළ විශාල පිපිරුම් සමග වසාදමන ලෙස රජය බල කරන ලදි.

ගුවන්තොටුපල නිලධාරීන් විසින් තහවුරු කරන ලද පරිදි නාවික පද්ධතියට හානි සිදුවූ අතර ගුවන් තොටුපලේ පාලක කුළුණ බිඳවැටුණි. එහි සිටි නිලධාරියෙකු අවසන් මොහොත දක්වා උත්සාහයක යෙදී මගීන් සමග ගුවනට නංවන්නට සිටි ගුවන් යානයක් පිටත් කළ ආකාරය ගැනද මේ වනවිට විදෙස් වාර්තා පළව තිබේ. නමුත් අවාසනාවන්ත ලෙස එම නිලධාරියා ජීවිතක්ෂයට පත් විය.
බලධාරීන් තහවුරු කළේ භූමිකම්පාව හා සුනාමිය නිසා නිවාස දහස් ගණනකට වඩා හානිවූ බවයි. වරායටද විශාල හානියක් සිදුවී ඇත. පැන්ටලෝං වරාය තුළ, ක්වේක් දොඹකරයක් කඩා වැටුණු අතර සුනාමියට එය ගසාගෙන ගොස් ඇත.

නිලධාරීහු තහවුරු කළ පරිදි ඉන්දුනීසියාවේ සංකේතාත්මක ප්‍රසිද්ධියක් දරන කුනින් පොනුලෙලෙ පාලම මෙම අනතුර නිසා විනාශ වී ඇත.
බලපෑමට ලක්වූ ප්‍රදේශයට සන්නිවේදනය සිදුකිරීමට දැඩි ලෙස බාධා එල්ල වී ඇති අතර, ජනාධිපති ජෝකෝ විඡෝඩෝට ආණ්ඩුකාර ලොන්කි ජංග්ගොලා අමතන්නට නොහැකි වූ බවද පැවසිණි. භූමි කම්පාව සමග ඩොංගල් සිරගෙදර සිරකරුවන් කැරලි ගැසූ අතර ඔවුන්ගේ පවුලේ අය  බන්ධනාගාරය ගිනි තැබූහ. අවම වශයෙන් සිරකරුවන් 100 ක් පමණ පලා යාමට සමත් විය. මෙම බන්ධනාගාරයටද බරපතල හානි සිදු විය.