ධාරානිපාත වැසි නිසා ගාල්ල නගරයේ මාර්ග රැසක් ඊයේ (30) සවස සහ රාත්‍රී කාලයේදී ජලයෙන් යටවිය.

රථ වාහන

ධාවනය මුළුමනින්ම ඇනහිට තිබූ බවද නිවාස රැසක් ජලයෙන් යටවී ඇති බවද වාර්තා විය. ගාල්ල- වක්වැල්ල, ගාල්ල-මාපලගම, ගාල්ල-බද්දේගම, ගාල්ල-යක්කලමුල්ල, ගාල්ල- අකුරැස්ස, ගාල්ල- උඩුගම යන මාර්ගයන් මෙම තත්වයට මුහුණ පාන ලදි.
පැයට අධික කාලයක් ඉතා තද වැසි පැවතුන බවද වාර්තා විය.