https://www.gossiplankanews.com/2018/09/jo-rally-ranil-sajith-mangala.html#more
ද දින ඒකාබද්ධ විපක්ෂය කොළඹදී සංවිධානය කර ඇති විරෝධතාව සම්බන්ධයෙන් එජාපයේ අගමැති රනිල් ඇමති සජිත් හා ඇමති මංගල අදහස් දක්වා තිබේ. අද දින මාධ්‍ය ආයතනයක් වැටළීමට කටයුතු යොදා ඇති බවත්,
ජනපතිගෙ බෙල්ල අල්ලන්න සූදානමක් තිබෙන බවත් පවසන ඔවුන්මෙය බුරියානි මත්පැන් ජංගම සේවයක් බවත්, හොරුන්ගේ රස්තියාදුවක් බවත් විවේචනාත්මකව පවසා ඇත. දැක්වූ අදහස් පහතින්

අගමැති රනිල් වික්‍රමසිංහ
යහපාලන ආණ්ඩුව ලබාදී ඇති නිදහස නිසා ඕනෑම අයකුට නිදහසේ උද්ඝෝෂණය කිරීමේ හැකියාව වර්තමානයේ දී තිබෙනවා.
එවැනි උද්ඝෝෂණ මර්දනය කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් ආණ්ඩුවට නෑ.උද්ඝෝෂණ, වර්ජන ආදිය සිදු කළ යුත්තේ මහජනතාවට අවහිරයක් නොවන අයුරින්. ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණය වාර්තා කරන ලෙස ඇතැම් මාධ්‍ය ආයතනවලට පවා මේ වනවිටත් තර්ජන එල්ල කරලා.

මේක නිවාඩු දිනයක් නොවෙයි. නොයකුත් කණ්ඩායම් අගනුවරට එනවා. පාසල් ළමූන්, රජයේ නිලධාරින් එනවා. ඒ සියළු දෙනාටම රාජ්‍ය හා පෞද්ගලික බස්රථ ගමනාගමනය අපි ආරක්ෂා කරනවා.ෙ ජනතාවට හිරිහැර කරන්න 

වුවමනා නැහැනේ. අපි කියන්නේ අඩපණ වෙන්න දෙන්න ඉඩ දෙන්න එපා කියලයි. දැන් මෙතන කියන්නේ සේවා අඩ පණ කරන්න කියලා. එහෙම කියන්නේ ඇයි කියා මා දන්නේ නැහැ. ඒකාබද්ධ විපක්ෂයෙ ඉන්න මන්ත්‍රීවරු කිහිප දෙනක් මට කිව්වා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමයි ඔබතුමයි ඉන්න ආණ්ඩුවේ නිදහස නිසා අපට කොළඹට උද්ඝෝෂණයක් කරන්න එන්න පුළුවන් කියා.
නැතිනම් ඒක කරන්න බැහැ කියා ඔවුන් දන්නවා.

මම නම් ගම් කියන්න යන්නේ නැහැ. මේ අය පෞද්ගලික මාධ්‍ය ආයතනවලට ගිහින් කියා තිබෙනවා මේක පෙන්වන්න කියා. එහෙම කෙළේ නැතිනම් මාධ්‍ය ආයතනත් වටලනවා කියා. තර්ජනය කරලත් තිබෙනවා. එක් නාලිකාවකට කිව්වලු ගෝඨාභය විතරක් නොවෙයි අපිත් පෙන්න ඕන කියා. නගරයට එන්න එපා කියා කවුරුත් කියා නැහැ. තැබෑරුම් කාරයින්ට හෙට බිස්නස් තිබෙනවා. අද මාධ්‍යවල පළවන දේ බලන්න. එක්නැලිගොඩලට වෙච්ච දේ අද වෙන්නේ නැහැ. ලසන්තට වුණා වගේ වෙඩි තියන්නේ නැහැ. කීත් නොයර්ට වෙච්ච දේ අද වෙන්නේ නැහැ.

උපාලි තෙන්නකෝන්ට වෙච්චදේ අද වෙන්නේ නැහැ. අද සම්පූර්ණ නිදහස තිබෙනවා. අද කවුරුත් බනින්නේ මටයි. ඒත් සම්පුර්ණ නිදහස තිබෙනවා. අපි මේවා නවත්වන්න යන්නේ නැහැ. ඔබලටත් පුළුවන් උසාවියට ගිහින් මූලික අයිතිවාසිකම් නඩු දාන්න. අද අපි ලබාදී තිබෙන්නේ නිදහස නිසා ඔබට උද්ඝෝෂණයේ යෙදෙන්න පුළුවන්.

ඇමැති සජිත් ප්‍රේමදාස


ජනාධිපති මන්දිරයට හා අරලියගහ මන්දිරයට ගොස් යහපාලන රජයේ ජනාධිපතිතුමන්ගේ හා අගමැතිතුමන්ගේ බෙල්ලෙන් අල්ලා එළියට ඇද දමන බවට විරුද්ධවාදීන් ප්‍රකාශ කර තිබෙනවා, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවතින අප රටේ පාලකයින් බෙල්ලෙන් අල්ලා එළියට ඇද දැමීමට හැකියාව ඇත්තේ පොදු ජනතාවට පමණයි.
අරලියගහ මන්දිරය හා ජනපති මන්දිරය වටලා නැවත බලය ලබාගෙන ඩොලර් කොමිස් කාක්කන් බවට පත්වීමේ දොළදුකක් විරුද්ධවාදීන්ට අද හටගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන මත්පැන් හා බුරියානි ජංගම සේවාව ජනතාවට හොඳින් දැකබලා ගත හැකියි.

ඇමැති මංගල සමරවීර

තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදයක් බිහිකිරීමට දිවි හිමියෙන් කැපවූ අපි ගොඩනැඟූ රටතුළ ඕනෑම අයකුට පෙළපාළි යාමට සහ විරෝධතා දැක්වීමට හැකියි.
එසේ නමුත් සාමාන්‍ය ජනතාව පීඩාවට පත්වන සහ රාජ්‍ය දේපළවලට හානිවන ආකාරයෙන් විරෝධතා හා පෙළපාළි ක්‍රියාත්මක වන්නේ නම් ඊට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීම සඳහා පසුබට වෙන් නෑ.
මහින්ද රාජපක්ෂ මහතාගේ ජනප්‍රියත්වය ප්‍රයෝජනයට ගනිමින් ඇප මත නිදහස්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ඔහුගේ හිතවතුන් කිහිපදෙනකුගේ මෙහෙයවීමෙන් හොරුන් රැක ගැනීමට සහ අධිකරණයට බලපෑම් කිරීමේ අරමුණින් සංවිධාන කරන විරෝධතාවය 'හොරුන්ගේ රස්තියාදුව' කියල මං හඳුන්වනවා.
මුදල් විශුද්ධිකරණ පනත යටතේ රුපියල් ලක්ෂයේ ශරීර ඇප හතරක් යටතේ නිදහස්ව සිටින නාමල් රාජපක්ෂ මහතා සාක්ෂිකරුවන්ට සහ විමර්ශකයන්ට කිසිඳු ආකාරයකින් වාචිකව හෝ ලිඛිතව බලපෑමක් එල්ලවන කිසිවක් නොකළ යුතු බවට ඇපදීමේ කොන්දේසිවල සඳහන්  වෙලා තියෙද්දි ඔහු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සම්බන්ධයෙන් තර්ජනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා..
ඔවුන් බිලි පූජාවක් අපේක්ෂාවෙන් සිදුකරන විරෝධතාවයක් රජය ලවා බිල්ලක් ගැනීමට අපේක්ෂා කළද ඒ සඳහා කිසිඳු ඉඩක් නෑ. දස වසරක් රට පාලනය කළ රාජපක්ෂවරු යටතේ නොතිබූ නිදහසක්, අයිතියක් වත්මන් විරෝධතා දක්වන්නන්ට ලබා දී තියෙනවා. මේක හොරු රැලක් නැවත බලයට ගෙනඒම සඳහා විශේෂ අධිකරණය හමුවේ නඩු විභාගවීමට නියමිත පුද්ගලයන් විසින් සංවිධාන කරන්නක්.

පෙර ලිපිය
වෙස් මුහුණු පැළඳගෙන අරලියගහ මැදුර ඉදිරිපිට දේව කන්නලව් නිල නිවස වටළා ජනාධිපතිවරයාට එළියට ඒමට නොහැකි පරිදි ඉටිපන්දම් පූජා