ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන කොළඹ වටළමු ජනබලය ආණ්ඩු විරෝධි රැළිය සඳහා සහභාගී වීමට මේ වනවිටත් පිරිස් කොළඹට පැමිණෙමින් සිටින නමුත් ඔවුන්ට පැමිණිය යුතු ස්ථානය නිල වශයෙන් තවම දැනුම් දී නැත.

රැළිය ආරම්භ කරන සහ අවසන් කරන ස්ථාන පිළිබඳ අවසන් තීරණය නොදන්වා ඇත්තේ එයට එරෙහිව රජය බාධක යොදනු ඇතැයි

දෙගිඩියාවෙන් වන අතර අවස්තාව ආ සැණින් ඒ බව එම පිරිස් වෙත දැනුම් දෙන බව වාර්තාවේ.
කඩිනම් සන්නිවේදනය සඳහා විධිමත් යාන්ත‍්‍රණයක් සකස් කර ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
ඒ ගැන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කර තිබෙන්නේ මෙසේය.

“හැම බස් රථයකටම අපේ පුද්ගලයෙක් අපි දාලා තියෙනවා. එයා හරහා දුරකතන සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා. හැම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුටම සංවිධායකවරයෙකුත් නම් කර තියෙනවා. ඒ හරහා මාර්ග අවහිර වුණොත් දැනුම් දෙන්න පුළුවන්. ප්‍රශ්න තියෙන තැන් හඳුනගන්න පුළුවන්. ඒ වගේම නීතිඥවරුත් හැම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුටම සම්බන්ධ කරලා තියෙනවා. විවිධ උපදෙස් ලබා ගන්න. පෙරවරු 11.00 පමණ වනවිට SMS පණිවුඩ මගින්. සමාජජාල මාධ්‍ය මගින් සහ මාධ්‍ය වාර්තා මගින් පැමිණිය යුතු ස්ථානය අවශ්‍ය වෙලාවට දැනුම් දෙනවා”