http://www.gossiplankanews.com/2018/06/video-zimbabwes-president-emmerson-mnangagwa-unharmed-after-explosion.html
සිම්බාබ්වේහි වත්මන් වැඩබලන ජනපති එමර්සන් මන්ගාග්වා එළැඹෙන ජනපතිවරණය වෙනුවෙන් සෙනසුරාදා පැවති දේශපාලන රැළියක් අමතා වේදිකාවෙන් බැසයන අවස්ථාවේ බෝම්බ ප්‍රහාරයකට ලක්ව
ඇති අතර යංතමින් දිවි ගලවාගෙන තිබේ.
සිම්බාබ්වේ දෙවෙනි විශාලතම නගරය වන බුලවායෝ හි  කුඩා පිරිසක් සිටි රැස්වීමකට එක්වූ ඔහු සිය කතාව පවත්වා පිටව යන වෙලාවේ තත්පර කිහිපයකදී, පිපිරීම සිදුවී ඇති අතර, ජනයා දුම් හා සුන්බුන් මැද ඒ මේ අත පළායනු වීඩියෝගතවී තිබේ. සිද්ධිය නිසා 15 දෙනෙකු තුවාල ලද බවත් 3 දෙනෙකුට බරපතල බවත් පසුව වාර්තා විය.

 එළඹෙන ජුලි 30 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපති මැතිවරණයට ඔහු තරගකරුවෙකු ලෙස ඉදිරිපත්ව සිටින්නෙකි.‘මාව තව අඟලෙන් ඉවරයි..‘ සිද්ධියෙන් පසු ජනපතිවරයා බීබීසිය අමතා පවසා තිබුණි.
 එමර්සන් මන්ගාග්වාට තුවාල සිදුවී නොමැති බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක ජෝජ් චාමම්බාද තහවුරු කළේය. තුවාල ලද අය රෝහල් ගත කර ඇති බවද වාර්තාවේ.
ZANU-PF පක්ෂය තුල බෙදීම් ඇතිවීමෙන් පසු පසුගිය නොවැම්බර් මාසයේ දී වසර 37 ක් සිම්බාබ්වේ පාලනය කළ මුගාබේට ඉවත්වන්නට සිදුවූ අතර මන්ගාග්වා බලයට පත් විය.
1980 අවසන් වරට ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීමෙන් පසු 2018 සිම්බාබ්වේ ජනපතිවරණයක් පවත්වන්නේ වසර 37 කට පසුවයි. මෙම ජනපතිවරණයේ වැඩි වාසි ඇත්තේද බෝම්බ ප්‍රහාරයට ලක්වූ එමර්සන් මන්ගාග්වාට බව විචාරක මතයයි.
සිද්ධියට අදාළ වීඩියොව පහතින්