ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පන්දුව පළුදු කිරීම සම්බන්දයෙන් තමන්ට එරෙහිව පනවා තිබූ තරග තහනම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අභියාචනය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ආචාර ධර්ම පද්ධතිය භාර කොමිසමේ ප්‍රධානී මයිකල් බෙලොෆ්
මහතාගේ ඉදිරියේදී පැය 4 ක් තිස්සේ පැවති කරුණු විමසීමකින් අනතුරුව ය.
ඒ අනුව ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ආචාර ධර්ම පද්ධතියේ 2.2.9. වගන්තිය කඩ කරමින් පන්දුවේ ස්වභාවය

වෙනස් කළ බවට මීට පෙර පනවා තිබූ තරග තහනම හා ඔහුට නියමිත දඬුවම ඒ අයුරින්ම ක්‍රියාත්මක වනු ඇති.
ඒ අනුව අද ආරම්භ වන 3 වන ටෙස්ට් ක්‍රිකට් තරගය ඔහුට අහිමි වේ. තරග මුදල මුළුමණින්ම අහිමිවේ.

මේ අතර 2 වන ටෙස්ට් තරගයේ 3 වන දිනයේදී පන්දුව වෙනස් කිරීම හේතුවෙන් එයට විරෝධය පළකරමින් පිටියට පිවිසීමට පැය 2 ක කාලයක් ගත කර තරගය අතරතුර ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කිරීම සම්බන්ධව චන්දික හතුරුසිංහට, අසංක ගුරුසිංහට හා නායක දිනේෂ් චන්දිමාල්ට චෝදනා එල්ල විය.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ආචාර ධර්ම පද්ධතිය භාර කොමිසමේ ප්‍රධානී මයිකල් බෙලොෆ් මහතාගේ ඉදිරියේදී සිදු කෙරෙන වෙනත් පරීක්ෂණයක් ජුනි මස 10 වන දා දක්වා කල් තැබෙනු ඇති අතර ක්‍රීඩාවේ ජීව ගුණය සම්බන්ධයෙන් ඔවුන්ට එල්ල වූ චෝදනාව සම්බන්ධ පරීක්ෂණය එදිනට සිදු කෙරෙනු ඇති .

මේ අනුව අද ආරම්භ වන දිවා රාත්‍රී ටෙස්ට් තරගයට චන්දිමාල් වෙනුවට නායකත්වය සුරංග ලක්මාල්ට හිමි වේ.

පෙර වාර්තාව
-------------
චුවින්ගම් ගා පන්දුව කඩතොළු කළැයි තරග තහනම පසුබාන්න අකමැති විනිසුරන් චන්දිමාල්ගෙන් කළ පලිගැනීමක්