what-will-be-the-fate-of-kassapa-and-gnanasara---contempt-of-court-is-a-long-way-off

අධිකරණයට සහ මහේස්ත්‍රාත්වරයාට අපහාස වන අයුරින් මාධ්‍ය හරහා අදහස් දැක්වූ බළන්ගොඩ කස්සප හිමියන්ගේ ක්‍රියාකලාපය දැඩිව හෙළා දකිමින් ත්‍රිකුණාමල අධිකරණ සංකීර්ණයේ නීතිඥවරු අද (13) පෙරවරුවේ නිහඬ විරෝධතාවක නිරත වූහ.




රුවන්වැලි සෑය අභියස උපවාස භූමියේ රැඳී සිටියදී අධිකරණයට දැඩිව අපහාස වන අයුරින් ප්‍රකාශ රැසක් කස්සප හිමි සිදු කර තිබුණි. ත්‍රිකුණාමලය බුදුපිළිම සිදුවීමට අදාළ නඩු ක්‍රියාවලියේදී ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් මහතා නීතිය නොදන්නා බවක් පැහැදිලි වූ බව ඔහු එහිදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණි. තවද, තම නඩුව ඇසීමට එම මහේස්ත්‍රාත් අධිකරණයට කිසිදු බලයක් නොමැති බවත්, ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105/4 වගන්තිය යටතේ වෙනම අධිකරණයක් පිහිටුවිය යුතු බවත් එහිදී වැඩිදුරටත් කියා තිබුණි.

ත්‍රිකුණාමල අධිකරණ සංකීර්ණය ඉදිරිපිට අද පැවති මෙම විරෝධතාවයේදී නීතිඥවරුන් අවධාරණය කළේ, ප්‍රශ්නගත හිමිනම විසින් මාධ්‍ය ඔස්සේ සිදුකළ එම ප්‍රකාශය හරහා අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි හානියක් සිදුව ඇති බවයි. ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණයේ මේ දිනවල විභාග වෙමින් පවතින නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් බළන්ගොඩ කස්සප හිමියන්ට එරෙහිව මේ වන විටත් අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කර තිබේ. විරෝධතාවයට එක්වූ නීතිඥවරුන් පෙන්වා දුන්නේ, එම වරෙන්තුව හුදෙක් නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම මත මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කරන ලද නීත්‍යනුකූල නියෝගයක් පමණක් බවයි.




එවැනි නීත්‍යනුකූල පසුබිමක් තුළ අධිකරණ පද්ධතියේ ගෞරවය කෙලෙසන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ත්‍රිකුණාමල ශාඛාව සිය දැඩි අප්‍රසාදය පළ කර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එහි සභාපති, නීතිඥ ඒ.එස්.එම්. රපීස් මහතා ප්‍රකාශ කළේ, අදාළ හිමිනම විසින් ත්‍රිකුණාමල මහේස්ත්‍රාත්වරයාට සහ අධිකරණයට එල්ල කළ මෙම අපහාසාත්මක ප්‍රකාශය තම සංගමය තරයේ හෙළා දකින බවයි. එසේම, අධිකරණයේ ස්වාධීනත්වය සහ ගෞරවය සුරැකීම වෙනුවෙන් එම ප්‍රකාශයට අදාළව නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කළ යුතු බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම අධිකරණ අපහාසයට ඉදිරියේදී නීතිමය පියවර ගනු ලැබෙන අතර කස්සප හිමිට දැනටමත් පවතින නඩු හා මෙම අලුත් නඩුවද සමග අවසානයේ ඥානසාර හිමිට සමාන ඉරණමකට මුහුණදී සිරගතවන්නට සිදුවනු ඇති බවට නීතීඥයෝ අදහස් පළ කරති.

what-will-be-the-fate-of-kassapa-and-gnanasara---contempt-of-court-is-a-long-way-off

what-will-be-the-fate-of-kassapa-and-gnanasara---contempt-of-court-is-a-long-way-off

gossiplanka image