what-the-minister-said-about-stopping-witchcraft-advertisements-and-removing-caste-from-wedding-advertisements

වාර්ෂිකව පවත්වන ස්ත්‍රී හිංසන පිටුදැකීමේ දින 16 වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමක් සඳහා පසුගියදා කාන්තා සහ ළමා කටයුතු ඇමතිනී සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වූ සාකච්ඡාවකදී අදහස් ඉදිරිපත් කළ අතර එහිදී කාන්තාවන්ට එහෙිව පවතින ගැටලු ගණනාවක් ගැන අවධානය යොමු කළාය. මෙම අවස්ථාවේ මංගල දැන්වීම් වලින් කුලය ඉවත් කිරීමේ යෝජනාවක් මාධ්‍යවේදියෙකු විසින් ඇයට ඉදිරිපත් කළ අතර ඊට ඇය දැක්වූ ප්‍රතිචාරය පහතින් දැක්වේ.




මාධ්‍යවේදියා - ඔය භෞතික තත්ත්වය තමයි ඔබතුමිය පැහැදිලි කළේ. මම පොඩි උදාහරණයක් දෙන්නම්. කුලය කියන සාධකය 1971 කැරැල්ල එන්නත් ප්‍රධාන සාධකයක් තමයි ඔය සමාජ නොසලකා හැරීම තුළ අන්තර්ගත වුණු කුල සාධකය. ඔය කුලය කියන එක අද සාමාන්‍යයෙන් මතුපිටින් නම් කිසිම නොසලකා හරින තත්ත්වයක් තමයි ඒ සම්බන්ධව තියෙන්නේ ජනප්‍රිය මතය. නමුත් තිරය පිටුපස හැම ඉරිදාවකම ජාතික පුවත්පත් ගත්තොත් අසවල් කුලය ඇති අය කියලා පැහැදිලිව දැන්වීම් දානවා. ඒ තුළ සමාජ හිංසනයක් පොදුවේ විවෘතව වෙන්නේ නැද්ද? මෙන්න මේ වගේ... දැන් මේ සමාජ කඩඉමක් යන මේ අවස්ථාවේ ඔබතුමියලා ඉතාම වැදගත් සමාජ කඩඉමකට තමයි ප්‍රවේශ වෙලා තියෙන්නේ මේ වැඩසටහන් 16 තුළ. ඔන්න ඔය වගේ පැති, මම පොඩි උදාහරණයක් ඔය කිව්වේ. ඔය වගේ පැති ගැන අනාවරණය කරලා ඊට එහෙම ප්‍රසිද්ධ දැන්වීම් දාන්න අවකාශය අවම කිරීමේ වැඩපිළිවෙළක් දියත් කරන්න බැරිද?

ඇමතිතුමිය - ඔබ කියන කාරණාව ගැන අපි අවධානය යොමු කරනවා. මම හිතනවා ඇත්තටම ඒකේ කුලය ඒ කියන්නේ ඔය ඔබ කතා කරන විවාහ මංගල්‍ය දැන්වීම් වගේ දේවල් සම්බන්ධව. ඒවා ගත්තොතින් ඒක සමහර වෙලාවට අපි පෞද්ගලිකව ගන්නා තීරණයකදී නොසලකා හැරලා කටයුතු කරන්න පුළුවන් කාරණා තියෙනවා. මම අපි ගත්තොතින් අපේ පැත්තෙන් අපි ඒකට අවධානය යොමු කරනවා. අපි මේකත් වෙලාවේදී මම ඒකටම සමගාමීව තව කියන්න කැමතියි. ලංකාවේ සමාජයේ ගැහැනු පිරිමි දෙගොල්ලොම නොමඟ යවන විදියේ මිථ්‍යාව වපුරවන වෙළඳ දැන්වීම් ඕනෑ තරම් තියෙනවා. මිථ්‍යාව වපුරන වෙළඳ දැන්වීම් ඕනෑ තරම් තියෙනවා. එතකොට වශී ගුරුකම්වල ඉඳලා තව බොහෝ දේවල් වෙනකම්. තව පහුගිය කාලයේදී සමාජ මාධ්‍ය ඇතුළේ තෙල් බිංදුවක් ආලේප කරගත්තම මේ දේවල්වලින් සමාජය, දරු පරපුර නොමඟ යවන, විකෘති තත්ත්වයන්ට පත් කරන ඉතාම පල්ලෙහා මට්ටමේ වෙළඳ දැන්වීම් තියෙනවා.




එතකොට මේ සියල්ලම එකතු කරගෙන තමයි අපි මාධ්‍යවලට අපි සමාජ ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දෙන්න ඕනේ කියන නීතියක් අපි ගේනවා කියලා කිව්වේ ඒක නිසා. ඒක නිසා මිනිසුන්ගේ මනෝභාවය වෙනස් කරන... මම අපි ඉතාම පැහැදිලිවම ඉන්නවා ඕනෑම සමාජයක් ගමන් කරන්න ඕනේ ප්‍රගමනයට, ඉදිරියට මිසක් ආපස්සට නෙමෙයි. ඒක වෙළඳ දැන්වීමේද, කලාවේද, මාධ්‍යයේද, සාහිත්‍යයේද ඕනෑම තැනක අපි ඉන්න ඕනේ මෙන්න මේ සමාජ සංස්ථාව ඉදිරියට යන තැනකට කියන එක තදින්ම ඉන්නවා. ඒ නිසා තමයි මේ මාධ්‍ය ආචාරධර්ම පද්ධතිය අපි හඳුන්වලා දීලා තියෙන්නේ. ඒකෙදි අපි හිතනවා මේ සියල්ලටම අපිට ආමන්ත්‍රණය කරන්න පුළුවන් වෙයි කියලා.

ඉතින් ඒකෙදි ඇත්තටම බොහෝ දේවල් තියෙනවා. ඉතින් ප්‍රචණ්ඩත්වය රස විඳින... හරි, ප්‍රචණ්ඩත්වය තමයි පෞරුෂය කියලා හිතන... ආවේග... නිකන් ප්‍රකෝපකාරීව කතා කරන එක මේ ඒක තමයි වීරත්වය එහෙම නැත්නම් ඒක තමයි පෞරුෂය කියලා ආරෝපණය කරපු ජවනිකා, කතන්දර, නාට්‍ය, ටෙලිනාට්‍ය, සාහිත්‍ය පොතපත ඒ සියල්ලම ඒ ඔක්කොමත් එක්ක තමයි අපි මේ සමාජයේ ගමන් කරන්නේ. ඒ ඔක්කොමත් එක්ක තමයි අපි මේ ඉන්නේ. ප්‍රචණ්ඩත්වය කියන එක පෞරුෂය කියලා අපි වරදවා වටහාගෙන ඉන්නවා. ඉතින් ඒ ප්‍රචණ්ඩත්වය මුදාහැරීම වීර... ඒක තමයි පෞරුෂය. ඒක තමයි මම ඒක කියන්න කැමති නැහැ ඒ වචන සමහර ඒවා මෙතනදී. ඒක තමයි මේක අපි හිතමු ස්ත්‍රීභාවය කියන්නේ මේක, පුරුෂභාවය කියන්නේ ඒක, මේක තමයි ස්ත්‍රීත්වය, මේක තමයි පිරිමිකම කියන එක... කියන එක සමාජය ඇතුළේ මුල් බහින විදියට අපි ඒක ඒවා ව්‍යාප්ත කරමින් ඉන්නවා.



ඉතින් අපි ඒ දේවල් සම්බන්ධයෙනුත් අපිට හොඳ පැහැදිලි අදහසක් තියෙනවා. අපි මේ මාධ්‍ය ඇතුළේ මේ වෙලාවේ කතා කරලා ඒකට අවකාශ... ඒකට ඒ වෙලාවක් දෙන්න ඕනේ නැහැ කියලා මම හිතනවා. අපි ඉතාමත් දැනුවත්ව... ඇත්තටම ගත්තොත් පාසල් පද්ධතිය ඇතුළේ, දරුවෝ ඇතුළේ, දරුවන්... අපි පාසල් සමාජය ඇතුළේ, ක්‍රීඩා සමාජය ඇතුළේ, ළමා සමාජය ඇතුළේ අපි මේවා අවබෝධයෙන් අපි කටයුතු කරන්න ඕනේ. පාසල් අධ්‍යාපන පද්ධතිය ඇතුළෙත් අපි කියන්න ඕනේ මේ දේවල් පිළිබඳව හොඳ අවබෝධයක් අපි දෙන්න ඕනේ. ඒක තමයි විද්‍යාත්මක ක්‍රමය.