what-is-anuraya-to-me---if-he-cant-call-you-a-monk-ill-call-that-dog-a-scoundrel

නයිබස්තමක් රැගෙන පැමිණි චීවරදාරී පුද්ගලයෙකු ඊයේ කොළඹ එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලය ආසන්නයේ සිට මාධ්‍ය ඇමතුවේය. මහනුවර සිට කොළඹ බලා පාගමනින් විරෝධතාවයක ගමන්කරන බව පැවසුවත් එම කටයුත්ත කඩාකප්පල් කරගත පසු ඔහු ජනපතිට බැණ වැදුනේ බුදුදහමේ සංඝ චීවරයට නිගා දෙමිනි.

මෙම පුද්ගලයා පැවසූ වචන මාලාව පහතින්




"තෝ පලයන් ඕක දාලා. මේ මගේ අධ්‍යක්ෂක මණ්ඩලයටත් කිව්වා ඕක දාලා පලයන් ඔය පිස්සව කියලා. ඉතින් මේ මං කාටවත් හානි නොකරන්න ගිය ගමනක්. වර්තමාන පාලනය හොබවන මේ කල්ලතෝනි අනුර කුමාර දිසානායකයා. මූ තමයි පළවෙනි මේකේ දේශද්‍රෝහියා. ඒ වගේ පැහැදිලිව බය නැතුව කියනවා මාව ඝාතනය කරත්, පොලීසියෙන් මාව දාලා අත්අඩංගුවට ගත්තත් මේ සියල්ල මං නීත්‍යානුකූලව කරන්නේ මානව හිමිකම් සංවිධානයක සභාපති හිමි නමක් වශයෙන්. මං මානව හිමිකම් හෝ මූලික මිනිස් අයිතිවාසිකම් කාගෙන් කාගෙවත් උල්ලංඝනය කරන්න නෙමෙයි මේ ගමන ආරම්භ කළේ.

එක්තරා වැඩසටහනක් තුළ ප්‍රකාශ කරනවා දැන් නයි බස්තමක් අරගෙන මොකෙක්ද එකෙක් එනවා කියලා. ඌට හාමුදුරුවෝ කියන්න බැරිනම් ඒ පර බල්ලාට මම කියන්නේ තෝ කල්ලතෝනියා කියලා. ඒ වගේමයි මම කියනවා මෙතනින් එහාට මම නවතින්නේ නෑ. කෑගල්ලට එනකොටත් කෑගල්ලේ එක දිගටම හූ තැබීම, ඇඟට කැපීම්, ඊළඟට ළඟට ඇවිදින් පරුෂ වචනයෙන් බැන වැදීම්. දැනුත් පේනවනේ මෙතනින් යන ගමනුත්. මේ පොලිසිය, නිලධාරීන් ඉන්නැද්දි, මේ UN එක ඉස්සරහ අපිට කරන තර්ජන.




ඉතින් ඒක නිසා මම පැහැදිලිවම ප්‍රකාශ කරනවා. මේ සියල්ල කළේ වර්තමාන අනුර දිසානායක ඇතුළු කක්කි සුදා කියන මේ කාලකණ්ණියා. පොලිස්පතිතුමාට පැහැදිලිව ප්‍රකාශයක් කරනවා. මොහු අත්අඩංගුවට අරගෙන වට කරපු අපහාසය. අද මට ආරණ්‍ය සේනාසනයට යන්න බැහැ. පාරේ පාරේ කරන්න බෑ. මිනිස්සු මගේ සංවිධානයේ හිටපු මිනිස්සු අද නැති කරා. සමාජ සේවය මම කරේ. මම කාටවත් හානියක් කරේ නෑ මේ වෙනකන්.

ඊළඟට යම් යම් තැන්වල ගිහින් ඉවරවෙලා ප්‍රවර්ධනය කරගන්න එකෙක් එක එක මිනිස්සු දාලා, මුදල් ගෙවලා අරගෙන සමාජ මාධ්‍යයට දාලා, මගේ චරිත ඝාතනය කරා. මේ සියල්ලටම මට අපහාස, මට සිද්ධ කරපු අපහාසය වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්නා තුරු මං මෙතනින් අඩියක් හොලවන්නේත් නෑ කියලා ප්‍රකාශ කරනවා."

gossiplanka image