අද දින මැදවච්චිය රඹෑව ප්රදේශයේ ඒ-9 මාර්ගයේදී බස් රථ තුනක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරින් 5 දෙනෙකු මිය ගිය අතර තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගත කළහ. අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙකු සිද්ධිය සම්බන්ධයෙන් විස්තර කරමින් සඳහන් කළේ අක්කරපත්තුවේ සිට යාපනය බලා ධාවනය වූ බස් රථය සහ ජනකපුර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථය මුහුණට මුහුණ ගැටුණු බවයි.
"මෙතන ඉස්සෙල්ලා වාඩිවෙලා මෙතන traffic එකේ මහත්තුරු වාඩිවෙලා හිටියා. එනකොට අක්කරපත්තුවෙ ඉඳන් යාපනේ bus එක අපේ හරියටම කඩාගෙන එනකොට, ජනකපුර bus එක, කොළඹ bus එක, ඒකට පිටිපස්සෙන් ආපු මේ private bus එකට overtake කරනවත් එක්කම අක්කරපත්තුව bus එකයි ජනකපුර bus එකයි මූණට මූණ වැදුණා.
වැදිච්ච ගමන් පිටිපස්සෙන් ආපු bus එක පිටිපස්සෙන් වැදුණා. bus තුනම එකට තිබුණේ. ගන්න විදිහක් නෑ. මේ මැද bus එක සම්පූර්ණ ගිනිගන්න දුම දැම්මා. engine එක off වෙන්නෙ නෑ, එන්න එන්න race වෙනවා. අපි මේ පතුරක් ගෙනල්ලා කැපුවා. කැපුවට... wire කැපුවට එක්කෙනෙක් කිව්වා wire කපලා හරියන්නෑ මේක ගිනිගන්නවා. ඒ හින්දා මේකේ diesel යන බටේ හොයලා කඩන්න ඕනෙ කියලා.
ඊට පස්සෙ මම එක්කෙනෙක්ට කිව්වා යකඩ ඉන්නක් ගේන්න කියලා. හැබැයි කොහොමහරි bus එකේ දන්න කෙනෙක් ඇවිල්ලා කොහොමහරි හොයලා හොයලා ඒ engine එකට යන තෙල් බටේ කඩපු පාර තමා ඇතුළෙ හිටපු ලෙඩ්ඩු ගන්න පුළුවන් වුණේ. නැත්නම් ඇතුළ සම්පූර්ණ වැහිලා තිබුණෙ දුමෙන්, අපිට ගිනිගනී කියලා. ඒ වෙනකොට අපි කීප දෙනෙක් ගත්තා. මං හිතන්නෙ මියගිහිල්ලා මං හිතන්නෙ පස් දෙනෙක් හය දෙනෙක් hospital එකට පැටෙව්වා. දෙන්නෙක් එතනම කියලා තිබුණා, මොකද එයාලා පටවලා වැඩක් නැති නිසා. ඔක්කොම ලෙඩ්ඩු අසූවක් විතර පැටෙව්වා. අපි ඔක්කොම මෙතන හිටියෙ, ඇස් දෙකට බලන් හිටියෙ. bus දෙකම වේගයෙන් ආවේ. වේගයෙන් ආවේ නැත්නම් මෙච්චර damage එකක් වෙන්නෙ නෑ.කොහොමහරි මේ අක්කරපත්තුව යාපනය කට්ටියගෙ එකයි ගොඩක් damage වුණේ, seat ගැලවිලා එක්කෙනා පිට එක්කෙනා වැදිලා තමයි එයාලගෙ දත් කැඩිලා.. අතුත් කැඩිල... ඒවා ගොඩක් තුවාල වුණේ. අර ඇඹරිච්ච පාරට bus දෙකට මේවා වුණාට පස්සෙ තමයි ගොඩක් මියගියේ.