the-child-came-first-in-the-law-exam-using-the-question-paper-printed-by-the-father

විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය අංශයේ නියෝජ්‍ය කොමසාරිස්වරයකුගේ දරුවකු නීතිපති දෙපාර්තමේන්තු විභාගයෙන් පළමු වැනියා වී ඇති බවත්, ඔහු තනතුරින් ඉවත් වී ඇත්තේ එම ප්‍රශ්නපත්‍රය මුද්‍රණ වැඩ සියල්ල බලා අවසන් වූ පසුව බවත්, සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී පෙරේදා (16) පැවැසුවාය. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටින බව ද මන්ත්‍රීවරිය සඳහන් කළාය.

ඇය මෙසේ පැවැසුවේ, අයවැය දෙවැනි වර කියවීමේ අවස්ථාවේ විවාදයේදීය.




රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය මෙසේ ද පැවැසුවාය.

“නීතිපති දෙපාර්තමේන්තුවේ විභාග ප්‍රතිඵල අද එළියට ඇවිල්ලා තියෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය අංශයේ හිටපු නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයකුගේ දරුවෙක් ඒ විභාගයෙන් පළමු වැනියා වෙලා. ඒ නිලධාරියා සදාචාරාත්මකව ඊට කලින් අයින් වෙන්න ඕනෑ. ඔහු අයින් වෙනවා. කවද්ද? හත් වැනි මාසෙ පහළොස් වැනිදා. විභාග තියන්නේ අට වැනි මාසේ දෙවැනිදා. ඒ වෙනකොට ප්‍රශ්නපත්‍රය හදලා ප්‍රශ්නපත්‍රය දැකලා ඉවරයි. ඔක්කොම කරලා තමයි අයින් වෙන්නේ. අල්ලස් කොමිසම මේවා අල්ලගන්න ඕනෑ.ඒ වගේම සංවර්ධන නිලධාරින් පුහුණු කරලා අයින් කරලා දානවා. මේකත් මුදල් අවභාවිතාවක්. අල්ලස් කොමිසම මේවා හොයන්න ඕනෑ."