tax-department-catches-fire

කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ පළමු මහලේ අද 19 වැනිදා දහවල් හටගත් ගින්න මේ වන විට පාලනය කර තිබේ.




ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ දෙකක් එම ස්ථානයට යවා ඇති බව ගිනි නිවන හමුදාව පවසයි. ඒ අනුව, පස්වරු 3.02 ට පමණ ගින්න පාලනය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත.

ගින්න පාලනය කිරීමට සමත් වුවද, එය හටගැනීමට හේතුව කුමක්ද යන්න මෙන්ම ඉන් සිදු වූ හානියේ ප්‍රමාණය පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත. ප්‍රධාන කාර්යාලයේ පළමු මහලේ ඇති වූ මෙම සිද්ධිය සම්බන්ධ වැඩිදුර තොරතුරු තවදුරටත් ප්‍රකාශයට පත් වීමට නියමිතව තිබේ.

tax-department-catches-fire

tax-department-catches-fire



tax-department-catches-fire

tax-department-catches-fire

gossiplanka image