ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අද (10) පෙරවරුවේ කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත විය. පෞද්ගලික ආයතන තුනකට අයත් ඉන්ධන බෙදුම්කරුවන් නියෝජනය කරමින් එම සංගමයේ සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
ඔවුන්ගේ ප්‍රධානතම ගැටලුවක් බවට පත්ව ඇත්තේ බෙදුම්කරුවන් සඳහා මෙතෙක් ලබාදුන් කොමිස් මුදල කප්පාදු කිරීමයි. සියයට 3.6ක් ලෙස පැවති සිය කොමිස් මුදල සියයට 1.5ක් දක්වා අඩු කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ඔවුහු එහිදී දැඩි විරෝධය පළ කළහ.
ඊට අමතරව, පෞද්ගලික ආයතන සතු ඉන්ධන පිරවුම්හල් වෙත කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ඉන්ධන සැපයීම සහතික කරන ලෙස ද විරෝධතාවට එක්වූ බෙදුම්කරුවෝ ඉල්ලා සිටියහ.
මේ අතර, ක්‍රියාත්මක වන ඉන්ධන මිල සූත්‍රය විධිමත්ව නියාමනය කිරීම සඳහා සුදුසු බලධාරියෙකු පත් කිරීමේ අවශ්‍යතාව ද මෙම නිහඬ විරෝධතාව හරහා ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.