it-is-doubtful-whether-the-businessman-who-died-after-falling-from-a-kompanya-street-apartment-complex-or-jumped

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයකින් අද (08) පෙරවරුවේ සිදුවූ හදිසි ඇදවැටීමකින් ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.




මෙසේ මියගොස් ඇත්තේ බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි වියේ පසුවූ ව්‍යාපාරිකයෙකි. වාර්තා වන ආකාරයට මෙම සිදුවීම සිදුව ඇත්තේ අද පෙරවරු 10.55ට පමණය.

මෙම මරණයට හේතුව මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැති අතර, අදාළ ව්‍යාපාරිකයා ගොඩනැගිල්ලෙන් පහළට ඇදවැටුණා ද, නැතහොත් ඔහු සියදිවි නසාගත්තා ද යන්න පිළිබඳව මේ වනවිටත් පොලිසියේ අවධානය යොමු වී තිබේ.




සිද්ධියේ සැබෑ පසුබිම අනාවරණය කර ගැනීම සඳහා කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් මේ වනවිටත් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරමින් පවතී.