වෙළෙඳපොළේ අලෙවි කෙරෙන සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළ දැමීමට සිමෙන්ති නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබෙයි.
අදාළ සමාගම් පෙන්වා දෙන පරිදි මෙම නව මිල සංශෝධනය කිලෝග්රෑම් 50ක බරින් යුත් සිමෙන්ති කොට්ට සඳහා බලපැවැත්වෙනු ඇත. මෙම මිල ඉහළ යාම දේශීයව නිෂ්පාදනය කරන සිමෙන්ති සඳහා මෙන්ම ආනයනික සිමෙන්ති සඳහා ද එකලෙස අදාළ වන බව සමාගම් විසින් වැඩිදුරටත් සඳහන් කරයි.
නිෂ්පාදකයින් විසින් ගෙන ඇති මෙම තීරණයත් සමඟ, ඉදිරියේදී වෙළෙඳපොළ තුළ අලෙවි කෙරෙන සියලුම දේශීය සහ ආනයනික සිමෙන්ති කොට්ටවල මිල ගණන් මේ ආකාරයෙන් ඉහළ යනු ඇත.