කොළඹ, බොරැල්ල වෝඩ් පෙදෙසේ ගොඩනැගිල්ලක අද (23) හටගත් ගින්නක් හේතුවෙන් ඇතුළත සිරවී සිටි විදේශිකයන් දෙදෙනෙකු මේ වන විට නිරුපද්‍රිතව මුදාගැනීමට හැකිවී තිබේ.
ගින්නත් සමඟ සිදු වූ මෙම අනතුර හටගත් ස්ථානය හෝටලයක් බවට ඇතැම් වාර්තා සඳහන් කරන අතර, එය වෝඩ් පෙදෙසේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් බවටද තවත් වාර්තාවල දැක්වේ.
හටගත් ගින්න නිවා දැමීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන රථ හතරක් යොදවා ඇති අතර, එම රථ මේ වන විට පිටත් කර යවා ඇති බව ගිනි නිවන ඒකකය පවසයි.
මේ අතර, බොරැල්ල පොලීසිය සහ මහජනතාවගේ සහයෝගයෙන් ගිනි නිවීමේ කටයුතු දියත් කර ඇති බවද වාර්තා වේ.