අද (නොවැම්බර් 23) රාත්‍රියේ මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගය භාවිත කිරීමට අපේක්ෂා කරන රියදුරන්ට සහ මහජනතාවට සිය ගමන් මග වෙනස් කිරීමට සිදුවේ. පහළ කඩුගන්නාව ප්‍රදේශයේ 98 වන සැතපුම් කණුව ආසන්නයේ පවතින අවදානම් ගල් ඉවත් කිරීමේ කටයුතු හේතුවෙන් මෙම ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා තැබීමට නියමිත බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.
ඒ අනුව, අද රාත්‍රී 11.00 සිට හෙට (නොවැම්බර් 24) අලුයම 6.00 දක්වා කාලසීමාව තුළ මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගය මෙලෙස වසා තැබෙනු ඇත. එම කාලය තුළ මාර්ගය භාවිත කරන රියදුරන්ට සහ මහජනතාවට සිදුවිය හැකි අපහසුතාවයන් අවම කර ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය උපදෙස් දෙයි.
මාර්ගය වසා තැබෙන කාලසීමාවේදී රථවාහන ගමනාගමනයට සහාය වන පරිදි විකල්ප මාර්ග ඔස්සේ ආරක්ෂිතව ගමන් කරන ලෙස ද එම මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.