fake-news-that-the-inland-revenue-department-is-open-on-weekends

2024/2025 ආදායම් බදු වාර්තා ලබා දීමේ අවසන් දිනය නොවැම්බර් 30 වැනිදාට යෙදී තිබෙන පසුබිමක, ඊට පෙර දින දෙකේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සියලුම ප්‍රාදේශීය කාර්යාල විවෘතව තැබෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන නිවේදනය ව්‍යාජ එකක් බව එම දෙපාර්තමේන්තුව පවසයි.




නොවැම්බර් 28 සහ 29 යන දිනවලදී මෙලෙස සියලුම ප්‍රාදේශීය කාර්යාල විවෘතව තැබෙන බව අදාළ සමාජ මාධ්‍ය නිවේදනයේ සඳහන් කර තිබුණද, එය සත්‍ය තොරතුරක් නොවන බව දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. ආදායම් බදු වාර්තා භාර දීමේ අවසන් දිනය නොවැම්බර් 30 වැනිදා වීම හේතුවෙන්, ජනතාව නොමඟ යැවීම සඳහා යම් පාර්ශ්වයක් මෙවැනි ව්‍යාජ නිවේදනයක් සකස් කර බෙදා හැර ඇතැයි සැක කරන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව මෙවැනි ව්‍යාජ නිවේදනවලට හසු නොවී, නිල තොරතුරු පමණක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ජනතාවට වැඩිදුරටත් පෙන්වා දෙයි.