මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සමඟ චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තණිය වන 98 හැවිරිදි ඩේසි ෆොරස්ට්, අදාළ නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
දැනට ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයෙන් පෙළෙන ඇය, අධිකරණ ක්රියාවලියකට හෝ නඩු විභාගයකට මුහුණ දීම සඳහා සුදුසු මානසික තත්ත්වයක පසු නොවන බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම තීරණය ලබා දී ඇත. ඒ අනුව යෝෂිත රාජපක්ෂ සහ ඇය එකම නඩුවක් යටතේ මුහුණ දුන් මෙම චෝදනාවලින් ඇය නිදහස් වනු ඇත.
මිත්තණිය නඩුවෙන් නිදහස් කෙරුණද, මෙම සිද්ධියට අදාළව යෝෂිත රාජපක්ෂට එරෙහි නඩු විභාගය තවදුරටත් ඉදිරියට ක්රියාත්මක වේ.
අද (03) දිනයේදී කොළඹ මහාධිකරණයේ විවෘත අධිකරණය හමුවේ ඔහුට අදාළ චෝදනා කියවා දුන් අවස්ථාවේදී යෝෂිත රාජපක්ෂ ප්රකාශ කර සිටියේ තමන් එම චෝදනාවලට නිවැරදිකරු බවයි.