
කැලණිය විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයක අද (03) පෙරවරුවේ හදිසි ගින්නක් හටගෙන තිබේ. නේවාසිකාගාරයේ එක් කාමරයක් කේන්ද්‍ර කරගනිමින් මෙම ගින්න හටගෙන ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා වහාම ගිනි නිවන රථ යොදවා ඇත.
ගින්න හටගන්නා අවස්ථාව වන විට අදාළ කාමරය තුළ කිසිදු ශිෂ්‍යාවක රැඳී සිට නොමැති බව තහවුරු වී තිබේ. ඒ හේතුවෙන් කිසිදු පුද්ගල තුවාලයක් පිළිබඳව මේ වන තෙක් වාර්තා වී නොමැත.
කෙසේ වෙතත්, වාර්තාවලට අනුව මෙම හදිසි තත්ත්වය හමුවේ අදාළ කාමරයේ නේවාසිකව සිටි සිසුවියන්ට අයත් සියලුම දේපළ සහ භාණ්ඩ මුළුමනින්ම ගින්නට හසුව විනාශ වී ගොස් ඇත.
නේවාසිකාගාර කාමරය තුළ මෙම ගින්න හටගැනීමට බලපෑ නිශ්චිත හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.